ලොව උසම ගොඩනැගිල්ල සෞදි ආරාබියේ ඉදිකරමින් පවතින බව එරට රජය පවසයි. මෙය ලෝකයේ මෙතෙක් කළ සියළු ඉදිකිරිම් පරයන සුවිශාල ගොඩනැගිල්ලක් බවත් එය මිනිසා විසින් කරනු ලබන නිර්මාණයක් වෙනුවෙන් යෙදවූ වැඩිම වියදම බවත් සෞදි රජය මාධ්‍යයට හෙළි කැර ඇත.

සෞදියේ ජෙඩා නගරයේ සාදන මේ ගොඩනැගිල්ල ‘‘රාජධානි කුළුණ‘‘ (කින්ඩම් ටවර්) නමින් හඳුන්වා ඇති අතර ඇමරිකන් ඩොලර් බිලියන දෙකකට වඩා වියදම් වන බව එහි ඇස්තමේන්තුව අනුව පැහැදිලි වේ. එහි උස අඩි 3280 ක් හෙවත් කිලෝ මීටරයකි. මහල් 200ක් සහිත මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා කොන්ක්‍රීට් වර්ග අඩි ලක්ෂ 57ක් වැයවන බව ඉංජිනේරුවෝ කියති. ඉදිකිරිමට අවශ්‍ය යකඩ ප්‍ර‍මාණය ටොන් 80,000කි. පාදම පොළොව මට්ටමේ සිට අඩි 200ක් යටට විහිදෙයි. දැනට මෙහි 26 වැනි තට්ටුව දක්වා ඉදිකිරීම් ආරම්භ කර ඇත. එය ගොඩනැගිල්ලේ පළමු අදියරයි. 

ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ 2020 දී ය. කොන්ක්‍රීට් ඇතුළු අවශ්‍ය අමුද්‍ර‍ව්‍ය ඉහළට ගෙන යාම සඳහා අති නවින තාක්ෂණය යොදා ගැනීමට ද අපේක්ෂිතය.

මේ ගොඩනැගිල්ල දැනට ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන ඩුබායිහි ‘‘බර්ජ් කලීෆා“ කුළුනට වඩා උසැතිය. බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ උස අඩි 2722කි.

2EF02FD600000578-0-Previously_dubbed_Kingdom_Tower_the_170_storey_building_is_to_ri-a-16_1448913491000