IMG-LOGO

ලිබියාවේ බන්ධනාගාරයකින් රැුඳෙවියෝ 1,000 ක් පලා යති


ලිබියාවේ බෙන්ගාසි නුවර අල් කවේෆියා බන්ධනාගාරයෙන් රැුඳෙවියෝ 1,000 කට වැඩි පිරිසක් ඊයේ (28) රාත‍්‍රියේ පලා ගියහ.
රැුඳෙවියන් පලා ගියේ බන්ධනාගාරයේ කැරැුල්ලක් හටගත් අවස්ථාවේදීය.


කැරැුල්ල මර්දනය කිරීමට බන්ධනාගාර නියාමකවරුන් අසමත් වූ අවස්ථාවේදී, රැුඳෙවියන් ඔවුන්ට පහර දුන් බවද වාර්තා වේ.
බන්ධනාගාරයේ හටගත් කලබලය පාලනය කිරීමට හමුදාව යෙදවීමට ද බලධාරීන්ට සිදුවිය.


පලා ගිය රැුඳෙවියන් අතර ජීවිතාන්ත සිරදඬුවම් විඳින දරුණු අපරාධකරුවන්, ගඩාෆි හිතවාදීන් සහ දේශපාලන සිරකරුවන් ද සිටින බව වාර්තා වේ.
පලා ගිය රැුඳෙවියන් සෙවීමේ මෙහෙයුම් ඊයේ රාති‍්‍රයේ ආරම්භ විය. මේ වනවිට ඔවුන්ගෙන් 18 දෙනකු යළි අල්ලා ගැනීමට ද හැකියාව ලැබී ඇත.
බන්ධනාගාරය පිහිටි කලාපය විශේෂ ආරක්ෂක කලාපයක් බවට පත් කෙරුණු අතර, බලධාරීන් අවට නිවැසියන්ට දැනුම් දී තිබුණේ තම තමන්ගේ නිවෙස්වලට වී සිටින ලෙසටය.2010 වසරේ ආරම්භ වූ ලිබියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ 2011 වෙද්දී සිවිල් යුද්ධයක් තෙක් දුර දිග ගියේය. එම වසරේ ඔක්තෝබර් 20 වැනිදා දශක හතරක් ලිබියාව පාලනය කළ කර්නල් මුවම්මාර් ගඩාෆි කැරැුලිකරුවන් අතින් ඝාතනය විය.


ගඩාෆිගෙන් පසු බටහිර සහාය ලැබුණු එම කැරැුලිකරුවෝ ලිබියාවේ නව රජයක් පිහිටුවූහ. ගඩාෆි පාලනයට එරෙහිව අවි අතට ගත් ඇතැම් කැරැුලිකරුවන් එම අවි බිම දැමීම ප‍්‍රතික්ෂේප කළ අතර ඔවුහු අද ලිබියාවේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුකරති. ලිබියාව අද මුළුමනින්ම අස්ථාවර වී ඇත්තේ එහෙයිනි.



අදහස් (0)

ලිබියාවේ බන්ධනාගාරයකින් රැුඳෙවියෝ 1,000 ක් පලා යති

වීර Tuesday, 30 July 2013 08:41 AM

ලෝකයේ නරක බොරුව පැරදී, හොද සහ සත්‍යය ජයගැනීම දෙවියන්ටවත් වැළක්විය නොහැක. (නි)

:       0       0

බන්දුල Monday, 29 July 2013 01:50 PM

අපේ රටටත් ඔය අරාබි වසන්තයක් එනකම් බලාගෙන ඉන්න කොටසක් ඉන්නවනේ.අපි දෙමල ඩයස්පෝරාව ගැන කතා කලාට ඊට වඩා සිය දහස් ගුණයක් දුර්ජන අය අපි අතරෙන්ම සිංහල නම් වලින් ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site