ශ්රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් ලන්ඩන් නුවරදී ප්‍රසංගයක් සංවිධානය කර ඇත.
රියලිට්ස් යුකේ සංවිධානය මෙම ප්‍රසංගය දෙසැම්බර් 31 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8 සිට ලන්ඩන් නුවර වෙම්බ්ලි පාර්ක් සත්තාවිස් පතිදාර් රඟහලේදී පැවැත්වීමට යයි.
මෙමඟින් උපයන සියලුම මුදල් ජනාධිපති වකුගඩු රෝග නිවාරණ අරමුදලට බැර කරන බව සංවිධායකයින් වෙනුවෙන් අදහස් දැක්වූ සිසිර ගුණවර්ධන සහ බ්‍රික්සස් හෙට්ටිආරච්චි පැවසුහ.
වසර අවසානයේ රියලිටි යුකේ සංවිධානය මෙවැනි පුණ්‍යාධාර වැඩසටහනක් පවත්වන හයවැනි අවස්ථාව මෙයයි. මෙවර ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට නීල් වර්ණකුලසුරිය සහ නෙල්සන් වාස් සමඟ සුප්‍රකට සන්ෆලවර් සංගීත කණ්ඩායම පැමිණ සිටියි. එම ශිල්පීන් නොමිලයේ සිය දායකත්වය සපයතියි සංවිධායකයෝ කියති.
මෙම ආධාර ප්‍රසංගය සඳහා ජනාධිපති කාර්ය බළකාය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, දාස සමුහව්‍යාපාරය සහ ඩිලෝන් කෙයාර් සමාගම අනුග්‍රාහකත්වය දක්වති.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් ප්‍රසංගය 31 : වකුගඩු රෝග නිවාරණයට