IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලන්ඩන් පන්සල ආගමික සහජිවනයේ

බ්‍රිතාන්‍යයේ සර්ව ආගමික සහජීවන සතියට සමගාමිව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී ආගමික සහජීවන එකමුතුවක් සංවිධානය කර තිබිණි. විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල  හිමියන්ගේ ඇරයුමෙන් මහා බ්‍රිතාන්‍යයේ අන්තර් ආගමික සමඟි ජාලයේ හැරියට් ක්රබ්ට්‍රී ඇතුළු සියලුම ප්‍රධාන ආගම් නියෝජනය කරමින් ශාන්ත මයිකල් සහ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ ෆැබ්රිසියෝ පියතුමා, ලන්ඩනයේ ශිවාස්ත්‍රම් සභාවේ ස්වාමි නිර්ලිප්තානන්ද, හවුන්ස්ලෝ සීක් පුජ්‍යස්ථානයේ චරාන්ජිත් අජිත් සින්, කොන්සර්වේටිව් ඉස්ලාම් හවුලේ ෆාරුක් මියා, බ්රෙන්ෆර්ඩ් ක්වේකර් සංවිධානයේ බේසි වයිට්, බ්‍රිතාන්‍ය බෞද්ධ සංගමයේ සභාපති ඩෙස්මන්ඩ් බිඩල්ෆ් සහ බැටර්සි සාම විහාරයේ ගයෝරෝ නගාසේ හිමි සමඟ මහා පිරිසක් සහභාගී වුහ.

වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීස්වර ගුණරත්න මහතාද විශේෂ අමුත්තෙක් වශයෙන් සහභාගි විය.

උත්සවය ආරම්භ කිරීමට පෙරාතුව පැරිස් නුවර සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත් සියලුම දෙනා සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

පැමිණ සිටි බෞද්ධ සැදැහැවත්හු සීලවිමල  හිමියන් විසින් පංච ශිලයෙහි පිහිටවනු ලැබුහ. චාරිත්‍රානුකුලව ප්‍රධාන ආරාධිතයෝ පහන් දැල්වුහ. ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසුවියෝ සාමය සහ සහජීවනය නිරුපණය කළ නර්තන අංගයක් ඉදිරිපත් කළහ. මහාසංඝ රත්නය පිරිත් දේශනාවක් පවත්වා සියල්ලටම ආශිර්වාද කරන ලද්දේ ඉන් අනතුරුවය.

සියලුම ආරාධිතයෝ කෙටි දේශනා පවත්වා වත්මන් සමාජයට ඔවුන්ගේ ආගමික දර්ශනයන්ගෙන් ලබාගත හැකි උපකාර පෙන්වා දුන්හ. බුදුදහම පිළිබඳ දේශනය පවත්වන ලද්දේ දේදුනුපිටියේ උපනන්ද හිමියන් විසිනි.

දහම් පාසලේ දරු දැරියෝ නරසිහ ගාථා ගායනා කරමින් ඒවායේ අරුත ඉංග්‍රීසි බසින් විස්තර කර දුන්හ. කරණියමෙත්ත සුත්‍රයේ ඇති අගය සහ එමඟින් වත්මන් සමාජයට ලබාගත හැකි උපදෙස් පෙන්වා දුන්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ රිචඩ් ජෝන්ස් විසිනි. කෝන්වැවේ අරියරතන හිමියෝ ස්තුති කතාව කළහ.

 

1[1] 3[1] 11[1] 13[1] 16[1] 32[1]



අදහස් (0)

ලන්ඩන් පන්සල ආගමික සහජිවනයේ

නිලාම් ලන්ඩන් Tuesday, 17 November 2015 03:46 PM

ආගමික සහජීවනය ලංකාවට බොහෝ අවශ්‍යය. (නි)

:       0       0

සුමාල් පෙරේරා Tuesday, 17 November 2015 05:54 PM

බුද්ධාගම ගැන අර්ථවත් යමක් ඇසුවා දේදුනුපිටියේ උපනන්ද ස්වාමීන් වහන්සේගෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site