IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලිතුවේනියානු ධජය සහිත නෞකාවක් බෝල්ටික් මුහුද මැද නවති

විල්නියස්හිදීය (රොයිටර්)

මගීන් 335 දෙනකු රැගත් ලිතුවේනියානු ධජය සහිත නෞකාවක් බෝල්ටික් මුහුද මැද නැවැතී ඇතැයි ද එහි සිටින මගීන්ට කිසිදු හානියක් නැතැයි ද නෞකාව අයත් සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

තාක්ෂණික දෝෂයක් නිසා නෞකාව මුහුද මැද නැවැතී ඇති බවත් එහි සිටින කිසිවකුටත් හානියක් නැති බවත් නෞකාව අයත් ඩී.එෆ්.ඩී.එස්. සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය. එම සමාගම ඩෙන්මාර්කයට අයත් සමාගමකි.

“දෙදරීමක් තිබෙනවා. දුමක් ද තිබෙනවා. එහෙත් කිසිදු ගින්නක් නැහැ. මගීන්ට කිසිදු හානියක් නැහැ” යැයි එම ප්‍රකාශකයා කීය. කෙසේ නමුත් නෞකාවේ ගින්නක් ඇතැයි ලිතුවේනියානු හමුදා ඊට පෙර වාර්තා කළේය. නෞකාව වරායක් වෙත ඇදගෙන යෑමට සිදුවන බව ද එම ප්‍රකාශකයා කීය.

කෙසේ වෙතත් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන කිසිදු නිල ප්‍රකාශයක් කිසිදු පාර්ශ්වයකින් ප්‍රකාශයට පත්ව නොතිබිණි.

මෙම නෞකාව ජර්මනියේ කීල් වරායේ සිට ලිතුවේනියාවේ ක්ලයිපෙඩා වරාය වෙත ගමන් කරමින් තිබියදී නෞකාවේ එලෙස තාක්ෂණික දෝෂයක් හටගෙන ඇත.

නෞකාවේ ගින්නක් ඇති වූ බවත් එය නිවා දැමීමට හැකි බවත් සඳහන් කළ ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදාව නෞකාව වෙත ළඟා වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

නෞකාව වෙත හෙලිකොප්ටරයක් යැවූ බවත් අවශ්‍ය වුවහොත් තවත් පියවර ගැනීමට සූදානම් බවත් ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

055



අදහස් (0)

ලිතුවේනියානු ධජය සහිත නෞකාවක් බෝල්ටික් මුහුද මැද නවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site