ලොව කිතුනුවන්ගේ අධ්‍යාත්මික නායකයානන් ලෙස ශුද්ධවූ පාප් වහන්සේගේ මඟපෙන්වීමෙන් යුතුව වාර්ෂිකව ජිනීවා නගරයේ සාන්ත නිකොලා ආසන දෙව් මැදුරේදී පැවත්වෙන ලෝක සාම දින සැමරීමේ උත්සවය බෞද්ධ, කතෝලික යුදෙව් හා ඉස්ලාම්  නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ ලෝකවාසී බෞද්ධයන් නියෝජනය කරමින් ඊට සහභාගී වූ අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා සහ බොහෝ රටවල තානාපති නිලධාරීන් ද සම්භාවනීය අමුත්තන් රාශියක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. එක්සත් ජාතීන්ගේ වතිකානු තානාපති අගරදගුරු ප්‍රසාදී සිල්වනෝ තොමසි පියතුමා උත්සවය මෙහෙයවිය.

peace_2016216 peace_2016216-2 peace_2016216-3