IMG-LOGO

ලෝක ප‍්‍රසිද්ධ ගායිකා සෙලින් ඩියෝන් කඳුළු සලයි

ලෝක ප‍්‍රසිද්ධ කැනේඩියා ජාතික පොප් ගායිකා සෙලින් ඩියෝන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූ සුප‍්‍රසිද්ධ සංගීත කළමණාකරුවෙකුවූ අවුරුදු 73ක් වයැසැති රෙනේ ඇන්ජෙලිල් කලක් පිළිකා රෝගයෙන් රෝගාතුරව සිට ඇමෙරිකාවේ ලාස්වේගාස් ඔහුගේ නිවසේදි ජනවාරි 14 වැනි දා මියගිය බව ඔහුගේ බිරිඳ විසින් පැවැසීය. රෙනේ ඇන්ජෙලිල් යනු කැනඩාවේ කියුබෙක් ප‍්‍රාන්තයේ ප‍්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකි. ලෙබනන් සිරියා පවුලකට අයත් ඔහු කැනඩාවේදි උපත ලබා 1960 දි ගායකයකු ලෙස කැනඩාවේ සංගීත කණ්ඩායමකට සම්බන්ධව සිටියේය.

වර්ෂ 1980දී සෙලින් ඩියොන් කුඩා කල ඇගේ දක්ෂතාවයන් හදුනා ගත් ඔහු  ඇගේ සංගීත ක්‍ෂේත‍්‍රයට අතහිත දෙමින් ඇගේ ගීත ඇතුළත් ගී තැටි නිර්මාණයට දායක වූයේය. එකල ඇගේ වයස අවුරුදු 12ක් වනවීට ඔහුගේ වයස අවුරුදු 38කි. කලක් ගත වීමෙන් ඔවුන් දෙදෙනා පෙමින් වෙලී වර්ෂ 1994දී කැනඩාවේදි විවාහ ගිවිස ගත්හ. ඔවුන්ට චාර්ල්ස්, නෙල්සන්, එඩී නමින් දරුවන් තිදෙනකු සිටිති. වර්තමානය වනවිට ඔවුන් ලාස්වේගාස්හී පදිංචි වී සිටියේය. එහි පිහිටි ලෝක ප‍්‍රසිද්ධ ශෙසාර් රංඟන ශාලාවේ පැවැත්වෙන සියලූම ප‍්‍රසංග සඳහා සහභාගිවූ ගායක ගායිකාවන් අතර සෙලින් ඩියෝන් ප‍්‍රධාන ගායිකාව වුවාය. ඉංග‍්‍රීසි හා ප‍්‍රංශ බසින් ගී ගයන සෙලින් ඩියෝන් අද ලෝකයේ සිටින ධනවත්ම ගායිකාවකි.

ඇගේ ස්වාමියාගේ අභාවය ගැන ශෝකය ප‍්‍රකාශ කළ කැනඩාවේ අගමැති ජාතික ධජය අඩකුඹු කොට ඔහුට ගෞරව දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ අවසන් කටයුතු 22 වැනි සිකුරාදා මොන්ට්රියල් හී සුප‍්‍රසිද්ධ ”අපේ මෑණියන්ගේ ”කතෝලික දේවස්ථානයේදි සිදු කිරීමට නියමිතය.

basilika_montreal[1] celin_and_rene[1] celin_and_rene_01[1] celin_and_rene_02[1] selin_160118

 



අදහස් (0)

ලෝක ප‍්‍රසිද්ධ ගායිකා සෙලින් ඩියෝන් කඳුළු සලයි

ඉනෝකා-එංගලන්තය Tuesday, 19 January 2016 07:14 AM

සමන්, ඔයා මගෙන් ඇසු ප්‍රශ්නයම ලලිත්ගෙනුත් අහනවාද...? ඇය මම ප්‍රියකරන ගායිකාවක්. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 19 January 2016 07:29 AM

ටයිටැනික් චිත්‍රපටයේ තිබෙන 'මයි හාර්ට් විල් ගෝ ඔන්' කියන ඉතාමත් ජනප්‍රිය ගීතය ගයන්නේත් සෙලින් ඩියෝන් (නි)

:       0       0

සමන් Monday, 18 January 2016 04:35 PM

ඉනෝකා, ඔයා කොහොමද දන්නේ ඒක? (නි)

:       0       0

ලලිත් Monday, 18 January 2016 05:50 PM

ලංකාවේ ඔහොම වයස් පරතරයක් ඇතුව විවාහවුණා නම් මිනිස්සු මොනවා නොකරයිද? ඒත් බලන්න ඒ දෙදෙනා කොයිතරම් සතුටින් සමාදානයෙන් ජීවත්වුණාද කියලා (නි)

:       0       0

ඉනෝකා Monday, 18 January 2016 08:05 AM

ධනයෙන් හිස උදුම්මා නොගත් ඇය කෙතරම් ආදර්ශමත්, ගුණවත්,ආදරණීය බිරිඳක් විය යුතුද...?අපගේත් බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.! (බ)

:       0       0

ජයලත් Tuesday, 19 January 2016 02:58 PM

අපේ රටේ බිහිවන අනුන් ගේ ගීතයක් වත් හරියට කියා ගන්න බැරි පරපුට්ටන්ට සෙලිනා ආදර්ශයක් (බ)

:       0       0

සොපි Monday, 18 January 2016 01:53 PM

මොකද මම ඔබේ බිරිය (බ)

:       0       0

ලංකානි Tuesday, 19 January 2016 06:54 PM

සෝබන ගොඩයි මෙයාගේ (නි)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 19 January 2016 04:25 AM

මහත්තය මැරිලා දවසකට පස්සේ සෙලින් ඩියෝන්ගේ වැඩිමහල් සහෝදරයත් මැරුණා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site