IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවට 82 වැනි තැන

ඇමෙරිකාව මූලික කරගෙන ක්‍රියාත්මක එස්පීඅයි ආයතනය සමාජ සංවර්ධනය දර්ශකය සම්බන්ධයෙන් ලෝකයේ තෝරාගත් රටවල් 132ක් පදනම් කරගනිමින් කළ  සමීක්ෂණයකින් ශ්‍රී ලංකාව 82 වැනි ස්ථානයට පත්ව ඇත.

ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර පාසලේ මාහාචාර්ය ඊ පෝටර් මේ සමූක්ෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.

මූලික මිනිස් අවශ්‍යතා, සුබසාධනය හා අවස්ථා යන කාණ්ඩ තුන යටතේ මේ සමීක්ෂණය සිදු කළේය.

මූලික මිනිස් අවශ්‍යතා කාණ්ඩයේ පෝෂණ අවශ්‍යතා සහ මූලික සෞඛ්‍ය දී ශ්‍රී ලංකාව වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, සුබධානය කාණ්ඩයේ දී ශ්‍රී ලංකාව පෞද්ගලි ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතැයි පෙනී ගොස් ඇත. අවස්ථා ඛාණ්ඩයේ දී පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය වර්ධනයටත්, පෞද්ගලික නිදහස වැඩි ඉඩත් ලංකාව ලබා දී තිබුණ ද තේරීම් අතින් ශ්‍රී ලංකාව පහත වැටී ඇතැයි ද එම සමීක්ෂණයෙන් හෙළි විය.

මූලින මිනිස් අවශ්‍යතා කාණ්ඩයේ 77 වැනි ස්ථානය ද, සුබසාධන කාණ්ඩයේ 74 වැනි ස්ථානය ද, අවස්ථා කාණ්ඩයේ 98 වැනි තැන ද ලංකාවට හිමි විය.

කතාකිරීමේ නිදහස සීමා කිරීම, ආගමික නිදහස හා හිරිහැර ආදිය ලංකාවේ ස්ථානය පහළ වැටීමට හේතු වන්නට ඇතැයි එම සමීක්ෂණය කියයි.

 මෙම දර්ශකය අනුව දකුණු ආසියාවේ හොඳම රට වීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර කලාපයේ අසාර්ථකම රට වූයේ පකිස්තානයයි.

ඉන්දියාව 102 වැනි තැන ද, නේපාලය 101 වැනි තැන ද, බංගලාදේශය 99 වැනි තැන ද හිමි කර ගත්තේය.

නවසීලන්තය, ස්විට්සර්ලන්තය හා අයිස්ලන්තය පිළිවෙලින් පළමු, දෙවැනි හා තෙවැනි තැන හිමි කර ගත්තේය.



අදහස් (0)

ලංකාවට 82 වැනි තැන

කුමාරි Sunday, 06 April 2014 07:40 PM

රට දැය වෙනුවෙන් එකාමෙන් සිතා ක්‍රියා කළොත් අපටත් ඔය ලිස්ට් එකේ මුලට යන්න පුළුවන්. (නි)

:       0       0

භානු Monday, 07 April 2014 05:01 AM

දැන් රටේ සිදුවන , ස්ත්‍රී දුෂණ , මංකොල්ලකෑම්, වංචා, පැහැරගැනීම් අනුව මෙම ස්ථානයවත් ලැබුන එකට මට නම් සන්තෝෂයි (නි)

:       0       0

නීලා Monday, 07 April 2014 12:51 PM

මේක කලේ ඇමරිකාවේ හාවඩ් එකෙන්. ඒත් ඇමරිකාව ඉන්නෙත් 16 වෙනි තැන. එංගලන්තේ 14. ජපානේ 15 මහේ හිතේ.... (ස)

:       0       0

ඇසළ Sunday, 06 April 2014 09:02 PM

පක්ෂ බේද තිබෙනතුරු අපි පෙරට යනවා බොරු. (නි)

:       0       0

රොෂාන් Monday, 07 April 2014 02:04 PM

අපේ රට වේගයෙන් ඉදිරියට යනවා හැම අතින්ම හොඳයි. (ස)

:       0       0

ජනක Monday, 07 April 2014 03:17 PM

මට හිතුනේ මං මොනතරම් වාසනාවන්තද මේ ලැයිස්තුවේ අසු පස්වෙනි තැන දරන රටෙන් පැනගෙන පලවෙනි තැන දරන රටේ ජිවත් වෙන්න ලැබීම ගැන කියලා.. (ස)

:       0       0

ඉන්දික ගම්පහ Monday, 07 April 2014 09:28 AM

ආගමික නිදහස කියන්නේ මොකක්ද දන්නේ නෑ. ඕන කෙනෙකුට ඇවිත් මෙහි තිබෙන සමායෝජනය සහ සමතුලිත තාවය බිදීමට ඉඩදෙනවා නම් ඒක ආගමික නිදහස කියල කියවී. ඇමරිකාවේ තවත් සොයාගැනීමක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site