දේශගුණික විපර්යාසයන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට පාලකයන් අපොහොසත් වීමට එරෙහිව ලොවපුරා නගර බොහොමයක පාසැල් සිසුන් අද (15) පාසැල් වලින් පිටතට පැමිණ වීථි බැස විරෝධතා දැක්වූහ.
සුප්‍රසිද්ධ හැරී පෝටර් නවකථාවේ එන දුෂ්ඨ මන්ත්‍රකාරයාට වඩා දේශගුණික විපර්යාස නරක බව ඔවුන්ගේ අතින් පියන පද විරෝධතා පුවරු වල සටහන් කර තිබිණි.
වෙලින්ටන්, මෙල්බෝර්න්, සිඩ්නි, රෝම්, වියනා, ලිස්බන්, ලන්ඩන්, කෝපන්හේගන් හා ඇමරිකාවේ නගර වල සිසුහු මෙලෙස විරෝධතාවයන්ට එක්වී ඇත.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් හානි වන්නේ වයෝවෘද්ධ දේශපාලකයන්ට නොව ඊළඟ පරපුරට බව ඔවුහු අවධාරණය කරති.
"අප පාඩම් අතපසුකර ගන්නේ ඔබට පාඩමක් උගන්වන්නයි", "අනාගතය අප දෑත් මත රැඳී පවතී," වැනි වැකි සටහන් කළ පුවරු රැගත් සිසුහු ලන්ඩන් නුවර පාර්ලිමේන්තු චතුරස්‍රයේ සිට ට්‍රැෆල්ගා චතුරස්‍රය දක්වා ගමන් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
අපේ දේශපාලකයන්ට ඔය ටිකම තමයි තේරෙන්නේ නැත්තේ