පෝලියෝ රෝගය ලෝකයෙන් තුරන්කැර දැමිය හැකි එන්නතක පර්යේෂණ කටයුතු සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය කෘතිම රසායනික භාවිතයෙන් නිපදවූවකි.
වෛද්‍යවරු පවසන්නේ ලෝකයෙන් දැනට වර්ෂයකට වාර්තාවන පෝලියෝ රෝගීන් සංඛ්‍යාව තුන්සියත් පන්සියයත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බවයි. නව එන්නත මගින් පැරණි මුඛ එන්නතේ තිබූ දුර්වලතා කිහිපයක් මගහැරී ඇතැයි ද පර්යේෂකයෝ කියති.
එන්නත නිපදවීම සඳහා බිල් ඇන්ඩ් මෙලින්ඩ් ගේට්ස් පදනම හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකානු ඩොලර් 674,000ක් හෙවත් රුපියල් කෝටි 8.76ක මුදලක් පරිත්‍යාග කැර ඇත.
පර්යේෂණය සිදුකරන්නේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් විසිනි. මේ සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහය ද හිමිව ඇත. කැලිෆෝර්නියාවේ සැන් ජෝස් හි පැවති වෛද්‍ය විද්‍යා පර්යේෂණ ප්‍රගතිය පිළිබඳ ඇමෙරිකානු සම්මේලනයේ දී මෙහි ප්‍රගතිය පිළිබඳ වාර්තා ඉදිරිපත් කැරිණි.
එම වාර්තාවට අනුව පසුගිය වසරේ වැඩිම පෝලියෝ රෝගීන් වාර්තා වී ඇත්තේ පකිස්ථානයෙනි. පසුගිය වර්ෂයේ ලෝකයෙන් ම වාර්තා වූ පෝලියෝ රෝගීන් 350කි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේව් ස්ටුවර්ට් පවසන්නේ දැනට පෝලියෝ රෝගය මර්ධනය සඳහා යොදා ගන්නා මුඛ එන්නත වෙනුවට මේ නව එන්නත යොදා ගැනීමෙන් වැඩි කාලයක් නොගොස් පෝලියෝ රෝගය මිහිතලයෙන් ඉවත් කළ හැකිවන බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලෝකයෙන් පෝලියෝ තුරන් වෙයි ?
දුමින්ද Wednesday, 18 February 2015 06:12 AM
නමුත් ලෝක බලවතුන් මෙය ජීව අවියක් ලෙස තියාගන්න බැරිත් නැහැ නේද? (නි)
සොයිසා Tuesday, 17 February 2015 02:28 PM
එක රෝගයක් තුරන් කරනකොට තව රෝග කිහිපයක් අලුතින් බිහිවෙනවා. ඒක තමයි අවාසනාව..... (නි)