IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රෝහින්ග්‍යා සරණාගතයින්ට බංගලාදේශයේ දූපතක් වෙන් කෙරේ

 
අසල්වැසි මියන්මාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයින්ට තාවකාලික නිවාස සකස් කිරීම සඳහා බෙංගාල බොක්කේ පිහිටි බෂාන් චා දූපත සංවර්ධනය කිරීමට බංගලාදේශ රජය සැලසුම් කර ඇත. 
 
මේ සඳහා ඩොලර් මිලියන 280ක් වෙන් කර ඇති බවත් ව්‍යාපෘති සැලැස්ම අගමැති ශෙයික් හසීනා විසින් අනුමත කළ බව බංගලාදේශ රජය පවසයි. 
 
මෙම දූපතෙහි තාවකාලික නිවාස ලක්ෂයක් සෑදීමට සැලසුම් කර ඇති නමුත් සෑම වසරකම මෝසම් කාලයේ ගංවතුරින් යටවන මෙම දූපත මිනිස් වාසයට නුසුදුසු බවට මානව හිමිකම් සංවිධාන විසින් චොදනා කර තිබිණි. 
 
බංගලාදේශයට රෝහිනග්‍යා සරණාගතයින් 620000කට වැඩි ප්‍රමාණයක් පැමිණ ඇති බව බලධාරීහු පවසති.
 
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ලෝකයේ දුප්පත්ම සහ ජනගහනයෙන් වැඩි රටක් ලෙස සැලකෙන බංගලාදේශය මෙම දූපතේ පවතින අවහිරතා නොසලකා සරණාගතයින්ට පිහිට වීම යුතුකමක් ලෙස සලකන බවයි.
 
මෙම සරණාගතයින් නැවත මියන්මාරය වෙත යවන තෙක් ඔවුන් රඳවා තැබීමට ස්ථානයක් අවශ්‍ය හෙයින් මෙම තීරණය ගත් බවද බංගලාදේශ රජය පවසයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (10)

රෝහින්ග්‍යා සරණාගතයින්ට බංගලාදේශයේ දූපතක් වෙන් කෙරේ

alwis Thursday, 30 November 2017 04:31 AM

එක හොඳය්. බුරුමයේ ඉන්න ඔක්කොම මුස්ලිම් මිනිස්සු බංගලාදේශයට ගෙනල්ල බුරුමය මුස්ලිම් මුලධර්ම වාදීන්ගෙන් නිදහස් කරලා ඒ රටේ බුදුදහම ආරක්ෂා කරගන්න ඉඩදෙන එක ඉතාම හොඳ අදහසක්.

:       1025       897

rocky Thursday, 30 November 2017 08:16 AM

ඔව් ඔව් අනිත් මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නෑ.........බුදුදහම ආරක්ෂා කරන්න ඕනා!!!!!!!!!!!

:       446       515

sarathThursday, 30 November 2017 11:46 AM

වෙන දේවල් ඉස්ලාම් අන්තවාදය විසින් අනෙකුත් ප්‍රජාව මෙවැනි දෙයකට තල්ලු කිරීම පුදුමයක් නොවෙයි. වරද ඉස්ලාම් අන්තවාදයයි.

:       82       89

ගිවන්ත-සෞදිThursday, 30 November 2017 03:40 PM

බෞද්ධයෝ ඔහොම හිතුවා නම් අන්‍යාගමිකයන් අද ලංකාවේ විඳින ආගමික නිදහස කිසිසේත්ම ලැබෙන්නේ නෑ. ඔය නිදහස මොන වගේද දැනෙන්න නම් ඉස්ලාමය ප්‍රධාන ආගම වෙච්ච රටකට ඇවිල්ලම බලන්න ඕනේ. බුදු පිළිමයක් ලඟ තබා ගැනීමත්, මරණ දණ්ඩනය ලැබෙන තරම් වරදක් මෙහේ.

:       504       697

malkiFriday, 01 December 2017 10:09 AM

මුස්ලිම් රටකට ගියාම අපි ඒ අය කියන විදියට ඉන්න ඕනේ. නැත්නම් රජකාලේ වගේ හිස ගසාදමනවා. නමුත් මේ අය වෙන රටවලට ගියාමත් ඒ රටවල නීති වලට අවනත නැහැ. එයාලට ඕන විදියට මහපාරේ කඩවල ආගම අදහන්න දෙන්න ඕනේ. සිකුරාදාට නිවාඩු ඕනේ. මූන වහගෙන යන්න දෙන්න ඕනේ. හරිම ආත්මාර්ථකාමි විධියට හිතන පිරිසක්.

:       242       57

nimaFriday, 01 December 2017 07:19 AM

දෙයියෝ බලයි. අපි කලබල විය යුතු නැහැ. හැමදේම දේව කැමැත්තනේ..!!!

:       50       15

ssssss Thursday, 30 November 2017 07:34 PM

මේ අය මේ විදිහට වෙන් කරලා දාන එක හොඳයි..........

:       202       137

nalin Friday, 01 December 2017 07:11 AM

කන්න නැතත්, මොන යුද්ධයක් තිබුණත් හැදිල්ලේ නම් අඩුවක් නැහැ.

:       387       240

berty Friday, 01 December 2017 07:18 AM

උදේ සිට සවස් වනතුරු මහ පාරේ පවා දෙවියන් යදින මෙම මිනිසුන්ට දෙවියන් කියා කෙනෙකු සිටිනවා නම් නොබලන්නේ ඇයි? ඇත්තටම දෙවියන් සිටිනවා නම් දෙවියන් කල යුත්තේ මිනිසුන් අමාරුවේ වැටීමට පෙර උදව් කිරිම නේද? අන්තිමට බැලුවාම මෙයට උදව් කරන්නෙත් මිනිසුන් වන අපමයි නේද?

:       403       273

thilak Saturday, 02 December 2017 07:55 AM

ආගම ජීවිතය වූ උදවියට (හැමෝටම නොවේ) ඕවා තේරෙන්නේ නැහැ... කවදාහරි ලෝක විනාශය වෙන්නේ ඔය අන්තවාදය නිසා තමයි ...

:       101       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 229 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 732 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site