රුසියා ජනපති වැල්ඩැමීර් පුටින් සැලසුම් කර තිබු ප්‍රංශ සංචාරය අවලංගු කළ බව වාර්තා වෙයි. එම සංචාරයේදී රුසියා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබිණි.
සිරියාවේ යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට යුධ අපරාධ චෝදනා එල්ල විය හැකි බව ප්‍රංශ ජනාධිපති ප්‍රැන්සෝ හොලන්ඩ් ප්‍රකාශ කිරීම මිට හේතුවයි.සිරියා යුද ගැටළුව අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට ගෙන යා යුතු බවත් ප්‍රංශ ජනපති පැවසිය.
එම සංචාරයේදී තමන් එක් දිනක් පමණක් සහභාගී වන බව ප්‍රංශ ජනපති ප්‍රකාශ කිරීමත් සමග රුසියාවෙන් දැඩි විරෝධයක් එල්ල විය.
රුසියාවට මිට පෙරද යුධ අපරාධ චෝදනා එල්ල වූ අතර රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය ඇතුළු නේටෝ රටවල්, උගොස්ලෝවකියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව යන රටවලට බෝම්බ දමා ලක්ෂ ගණන් සිවිල් වැසියන් මරද්දී නිහඬ වූ බටහිර රටවල් සිරියාවේ පනපිටින් බෙලි කපන ත්‍රස්තයන්ගේ පැත්ත ගෙන රුසියාවට චෝදනා කරන්නේ මේ අයගේ ඩබල් දේශපාලන ප්‍රතිපත්ති නිසා පමණක් නොවේ. සිරිය රජයේ හමුදා දිනුවොත් ඇමෙරිකාව හදා වඩාගත් ත්‍රස්තයන්ටත් යන එන මං නැතිවන බව දන්නා නිසයි. (නි)
මෙන්න කොන්ද පන තියන, නැමෙනේ නැති, රට ජාතිය පවා නොදෙන, නියම කෙලින් වැඩ කරන මිනිස්සු. (ර)
බලනකොට යුධ අපරාධ චෝදනා තවත් රටවලට තියෙනවා එහෙනම් (නි)
රටකට වුවමනා වන්නේ මෙවන් කොන්දක් ඇති නායකයන්! (බ)
රුසියා ජනපති ශ්‍රේෂ්ඨ නායකයෙක්. එයා ළඟ දෙබිඩි පිළිවෙතක් නැහැ. (බ)