රුසියාව අභ්‍යවකාශගත කළ මීටියෝ - එම් නම් කාලගුණ චන්ද්‍රිකාව සමඟ තිබූ සියලු සබඳතා ගුවන්ගත කර පැය කිහිපයකට පසු බිඳවැටුණු බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
චන්ද්‍රිකාව ගමන් කිරීමට සැලසුම් කළ කක්ෂයට වඩා වෙනස් කක්ෂයක ස්ථානගත වීම මෙයට හේතුව බව අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
රුසියාවේ නැගෙනහිර වොස්ටොච්නි අභ්‍යවකාශ පර්යන්තයෙන් සොයුස් රොකට්ටුව මගින් මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කර ඇත.
පසුගිය වසරේ විවෘත කරන ලද මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කරන ලද දෙවන රොකට්ටුව මෙය බව පැවසේ.
(බීබීසි පුවත් ඇසුරිණි -085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් එකක් යැව්වා.. කොහේ ගියාද කියලා අද වෙන තුරුත් දන්නේ නැහැ.