පාකිස්ථානය සහ රුසියාව ඉකුත් දා සමුද්‍ර ආරක්ෂා, ස්ථාවරත්වය සහ ද්විපාර්ශ්වීය නාවික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
රුසියානු නාවික හමුදාවේ ප්‍රධානී අද්මිරාල් නිකොලායි ඇනටොලේවිච් මහතා මේ දිනවල පාකිස්ථානයේ සංචාරයක නිරත වී සිටී.
හෙතෙම පාකිස්ථාන නාවික හමුදා මූලස්ථානයෙහි ද සංචාරයක නිරත වූ අවස්ථාවේදී නාවික හමුදාවේ කාර්යමණ්ඩල ප්‍රධානී අද්මිරාල් සෆාර් මහ්මූද් අබ්බාසි මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.
එහිදි නිලධාරීන් දෙදෙනා සමුද්‍ර ආරක්ෂාව, ස්ථාවරත්වය සහ නාවික අභිලාෂ මෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වීය නාවික සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූහ.
(ද නේෂන් ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd