IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


රිය සුසානයක් චීනයේ

තමන් භාවිතා කරන වාහනය දිරා ගිය ද නැවත නැවතත් අලුත්වැඩියා කරමින් දශක කිහිපයක් පාවිච්චි කිරීම ශ්‍රී ලංකාව වැනි රටවල සිරිතයි. එසේ වුව ද බොහෝ රටවල වාහන අනතුරට පත්වූ විට හෝ තරමක් පරණ වූ විට ඉවත්කැර දමයි. චීනය, ජපානය, ඇමෙරිකාව, ජර්මනිය වැනි රටවල එවැනි ඉවතලන වාහන ගොඩගසන ස්ථාන රැසක් පවතී. මේ ඡායාරූප කිහිපයෙන් දැක්වෙන්නේ චීනයේ ඇති එවැනි රිය සුසානයකි.

කහ පැහැති පොලිස් රථ එක් තැනකත්, ලොරි හා කාර් එක් එක් තැන්වලත්, යතුරුපැදි තවත් තැනකත් ගොඩගසන්නේ ඒවායේ කොටස් කපා, තලා කුඩු පට්ටම් කර නැවත අමුද්‍රව්‍ය සෑදීමේ අපේක්ෂාවෙනි. වාහනයේ ඇති ප්ලාස්ටික, රබර් හා යකඩ ඔවුහු වෙන වෙනම ප්‍රයෝජනයට ගනිති.

China (2) China (3) China (4) China (5) China (6) China (7) China (8) China (9) China (10) China (11)



අදහස් (0)

රිය සුසානයක් චීනයේ

චමී Thursday, 02 July 2015 08:25 AM

මීට වැඩිය අබලන් ඒවා ලංකාවේ පාරවල්වල යනවනේ (නදී)

:       0       0

දිනිත් Wednesday, 01 July 2015 02:48 AM

ඕවා තමයි ඉදිරියටත් බෙදන්නේ (නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 03 July 2015 02:20 AM

චතුරිට නම් මොළයේ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා වගේ (නි)

:       0       0

යසිරු Wednesday, 01 July 2015 11:11 AM

අනේ,මම එහේ හිටියා නම් මේවා පාවිච්චියට ගන්නවා (නි)

:       0       0

සෙනරත් Tuesday, 30 June 2015 03:10 PM

චීනය පැමිණ ඇති ආර්ථික දියුණුව චීනයට බනින අයට මෙතනින්වත් බලා ගන්න පුළුවන් වෙයි. (බ)

:       0       0

දිල්ෂ මදුෂාන් Thursday, 02 July 2015 10:01 AM

මම දන්නා විදියට ඕනෑම රටකට අලුත් නිෂ්පාදන කළාට අලුත් වැඩියා කරන්න බෑ.ලංකාවට දුන්නා නම් කොහොමත් හදනවා.(හේ)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 04:33 AM

ඇමරිකාවත් චීනයේ ණයගැතියෙක් නොවේද? (නි)

:       0       0

ශකුවි Wednesday, 01 July 2015 04:39 AM

චතුරි වගේ අය එක්කෙනෙක් දෙන්නෙක් හිටියා නම් ඇති ලංකාවම ගිනිගන්න (නි)

:       0       0

නාලක Thursday, 02 July 2015 04:30 PM

ලබන සතිය වෙනකොට මේ සියල්ලම පංචිකාවත්තේ තියේද මන්දා.... ! (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 01 July 2015 04:49 AM

තමුන්ලා චීනය ගැන දන්නා ප්‍රමාණය ගැන දුකයි. චීනය මේ ලෝකය කොමිස්, සහ පගාව ඉතා ඉහල විදියට ලෝකෙට උගන්වමින්, වෛයිශාකරණයෙන් අද රුසියාවට වඩා ඉදිරියෙන් ඉන්නා රටක්. හිටපු ජනපති තුමාගේ ආර්ථික දියුණුවේ රට (නදී)

:       0       0

ටෙනිසන් Thursday, 02 July 2015 05:21 PM

ද සිල්වා බර්ලින් මහත්තයෝ, ජපානය ගැන නම් මම දන්නේ නැහැ.නමුත් ඔබ කියන ආර්ථික දියුණුව ඇමෙරිකාවේ නැහැ.ඒක හරියට දැනගන්න ඕනෑ නම් නගරයේ කරක් ගහන්නේ නැතුව ගමට ඔලුව දමන්න. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 01 July 2015 01:54 PM

චීන බඩු හොඳ සුසානයටම තමයි. (නි)

:       0       0

චතුරි Tuesday, 30 June 2015 06:46 PM

අද අහවලා හිටියා නම් මේ සේරම කැඩුණු වාහන අපේ රටට ගෙනවිත් තිබේවි. සමහරවිට මැතිවරණයෙන් පසුව මෙම ස්ථානය පාලුවට ගිය හිස් ඉඩමක් වෙයි (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 30 June 2015 06:53 PM

මේවද දන්නේ නැහැ ඒ දවස් වල මෙහේ බෙදුවේ...?

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 30 June 2015 06:58 PM

චීන වාහන සහ යතුරුපැදි උපරිම අවුරුදු 10ක් පාවිච්චි කළහැක. ඉන්පසු පරණ යකඩ වලට තමා ගන්න වෙන්නේ.චීනයේ සාමාන්‍ය ජනතාව ඔය කියන තරම් ආර්ථික දියුණුවක් ලබා නොමැත. චීනයේ සාමාන්‍ය ජනතාවෙන් බහුතරයක් ලංකාවේ මිනිසුන්ට වඩා දිළිඳු ජීවිත ගතකරන අතර ආර්ථික සංවර්ධනය සුළුතරයක් මත බෙදී ඇත. ජපානයේ ඇමෙරිකාවේ වැඩකරන ජනතාව සුඛෝපභෝගී ජීවිත ගතකරන අතර ධනය සියලු දෙනා අතර බෙදී ඇත (නි)

:       0       0

විපුල Thursday, 02 July 2015 04:49 AM

පොඩ්ඩක් හොඳට බලන්න මෙතන තියනවා ඉසුසු වාහන මම හිතන්නේ ඒවා ජපන්, නමු බලන්න තත්ත්වය ලංකාවේ පාරේ දුවන වාහනවලට වඩා කොච්චර හොඳද ? (ම)

:       0       0

ජනත් Thursday, 02 July 2015 05:24 AM

සමහරු චීනය ගැන දන්නේ නෑ. චීන වාහන වමෙන් පදවන්නේ . ලංකාවට ගෙනල්ලා වැඩක් නැත. ආනයනය කරනවා නම් , වම දකුණ මාරු කරන්න වෙනවා. කොහොම වුනත් චීනය අපට වැඩ ආර්ථිකයෙන් පොහොසත්....අපි දැන් ගොන් කරත්තයක් වත් හරියට හදනවද.??(හේ)

:       0       0

රජින්ද Tuesday, 30 June 2015 11:45 PM

අයියෝ... අම්මෝ... පපුව...!! (නි)

:       0       0

ශාන්ත - කටාර් Wednesday, 01 July 2015 12:08 AM

පංචිකාවත්තේ ටික දෙනෙක් ගිහින් දැම්මා නම් ඔය ඔක්කොම වාහන ටික අපේ රටේ (නි)

:       0       0

දිලාන් Friday, 03 July 2015 12:40 AM

මේක අාර්ථික දියුණුව නිසා නෙමෙයි. චීනයට පරිසර දූෂණනය ලොකු ප්‍රශ්නයක්. ඒ්ක නිසා වාහනයක් අවු 10 කට වඩා පාවිච්චි කරනවා නම් වැඩිපුර බදු ගෙවන්න ඕනෑ. අලුත් එකකට මාරුකරනවා නම් රජයෙන් මුදලක් පරණ වාහනයට දෙනවා. සමහර කාලවලදී බීජින් වගේ නගරවල ඔත්තේ දිනවල ඉරට්ටේ නොම්මර සහිත වාහන යන්න බැහැ. ඉරට්ටේ නොම්මර සහිත දිනවල ඔත්තේ නොම්මර සහිත වාහන යන්න බැහැ. ඒකෙන් 50% වාහන භාවිතය අඩුකර පරිසර දූෂණය අඩුකරනවා (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 01 July 2015 01:23 AM

චිනේ බාල නිෂ්පාදන ටික දවසකින් ඉවරයි. ඒ උනාට ඒවා ලංකාවේ අයට ලොකුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site