අගහරු මතට රොබෝවරුන් යැවීමට ඩෙන්මාර්කයේ ‘මාර්ස් වන්‘ ආයතනය සැරසේ.
‘මාර්ස් වන්‘ යනු අභ්‍යාවකාශය ජය ගැනීමට තැත් දරන පෞද්ගලික ආයතනයකි.ආයතනයේ අරමුණ 2018 වන විට අගහරු මතට මිනිසුන් යවා ජනාවාස ඇති කිරීමයි.
ඊට පෙර මෙම රොබෝ මෙහෙයුම සිදුකිරීමට ආයතනය සැරසෙන්නේ අගහරු ග්‍රහයා මත තත්ත්වය කෙසේ වන්නේද සොයා බැලීමට හා අනාගතයේ පැමිණීමට නියමිත ගගනගාමීන්ට අවශ්‍ය විය හැකි යැයි සිතිය හැකි බඩුබාහිරාදිය අගහරු මත රැදවීමටය.
අගහරු මතට ගගනගාමිීන් ගෙන යාමට සැළසුම් කරන ‘මාර්ස් වන්‘ ආයතනය යළි ඔවුන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු නොවේ.මේ බව ඔවුන් මුල සිටම පැවසූවකි.එසේ වුවත් අගහරු මතට ගොඩබැසීමේ පළමු මිනිස් කණ්ඩායමට ඇතුළත් වීමට මේ වන විට අයදුම්පත් ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි පැවසේ.
අගහරු මෙහෙයුම සදහා වැය වේ යැයි ගණන් බලා ඇති මුදල ඩොලර් ට්‍රිලියන 1 කි.මෙම මුදල අනුග්‍රාහකයන්ගෙන්,අභ්‍යාවකාශ පර්යේෂණායතන වල දායකත්වයෙන් උපයා ගැනීමට නියමිතය.තවද මෙම මෙහෙයුම අළලා රූපවාහිනී වාර්තාමය වැඩසටහනක්ද නිපදවීමට මාර්ස් වන් ආයතනය බලාපොරොත්තු වන අතර එයින්ද සැළකිය යුතු තරමේ මුදලක් උපයා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.
විශේෂඥ මතය වන්නේ ගැටලූව ඇත්තේ අගහරු මතට යෑම නොව එය මත පදිංචි වීමේ බවයි.විකිරණශීලී පරිසරයත්,පෘථීවියට වඩා සාපේක්ෂව අඩු ගුරුත්වයත් නිසා මිනිස් ශරීරය ව්‍යුහාත්මකව, ක්‍රියාකාරීත්වයෙනුත් සම්පූර්ණ වෙනසකට භාජනය වනු ඇතැයි ඔවුන් අනතුරු අගවයි.තවද හුදකලා ග්‍රහයෙකු මත තනිවීමට සිටින මිනිස් පිරිසකගේ මානසික තත්ත්වය ගැනත් සළකා බැලිය යුතුයැයි ඔවුන් පවසයි.මන්ද පෘථීවිය මතදී සිදුකෙරුණු දීර්ඝ අභ්‍යාවකාශ ගවේෂණයන්ගේ ප්‍රතිවිපාක සොයාබැලීමට සිදුකෙරුණු පර්යේෂණයන්ගෙන් දීර්ඝ කාලයක් හදෙකලාවේ ගත කළ පසු ගගනගාමිීන් ප්‍රචණඩකාරී ලෙස හැසිරෙන්නේ යැයි සොයාගැනීමට හැකිව ඇති බැවින්ය.
මේ අභියෝග ජයගැනීමට හැකි වන්නේ නම් අගහරු මත මිනිස් ජනාවාස පිහිටුවීම සංකල්පයකට පමණක් සීමා නොවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නහින දෙහින කාලේ මෙන්න මෙහෙ පය ගහල ඉන්නවා ආයුබෝවන් ! (නි)
ලංකාවෙත් රතු ග්‍රහයා හොඳටම නීච වෙලා වැලේ වැල් නැතුව ඉන්නේ මේ දවස් වල..එයාලවත් ඉතින් බලන්න වෙන්නේ රෝබෝලටම තමයි..මිනිස්සු නම් ආයෙත් ඒ පැත්ත බලන්නේ නැහැ.. (ස)
ගහක් කොලක් නැති ජලය නැති තැනක පදිංච් වෙන්න. මෙයාලට පිස්සුද මන්දා. (ස)
2018 වෙද්දී ජනාවාස ඇති කරන එක කොහොම වෙතත් පුළුවන් නම් මිනිසෙක් අඟහරු වලට යවලා ආපසු ගෙන්වාගෙන පෙන්නන්න. අපි දැන් පහුගිය අවුරුදු විස්සක් තිස්සේ ඔය කතාව අහනවානේ. 1990 දශකයේ විද්‍යා සඟරා වල කිව්වේ 2000 වෙනකොට අඟහරු වල ජනාවාස ඇති කරන්න පුළුවන් කියලා. ඔය වියදම් කරන සල්ලි ලෝකේ පුරා මන්දපෝෂණයෙන්, වසංගත වලින් දුක් පීඩා විඳින මිනිස්සු වෙනුවෙන් වෙන් කළා නම් මේ වෙද්දී ලෝකය මීට වඩා හොඳ තැනක්. ඩොලර් බිලියන ගණනක් වියදම් කරලා 1969 දී හඳට ගියා. මොනවද ලැබුනේ? මේ යන්නේ අසීමිත තණ්හාව නිසා. පොළොවේ සම්පත් අසීමිතව පාවිච්චි කරලා පරිසර දුෂණය කරලා පොළව මදි වෙනකොට එතනින් එහාට යන්න හදනවා. "විශ්වය ගැන සෙවීම නිෂ්ඵල දෙයක්. තමන් ගැන සොයන්න." කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ නිකන් නෙමෙයි. (නි)
මෙහෙ වෙන දේවල් දකිනකොට අඟහරු ලෝකෙට ගිහිල්ලා මැරුණත් කමක් නැහැ කියලා හිතෙනවා. (නි)
මට හිතෙන විදියට ඔය අගහරු වෙත යවන කට්ටියව නැවත ගෙන්නා ගන්නෙත් නැත්නම් ඊට සුදුසුම කට්ටියක් ලංකාවෙ ඉන්නවා (නි)
එක්කෝ අපි යන්න ඕනෑ, නැත්නම් ඒ අයව යවන්න ඕනෑ. (නි)
ඇගේ රෝම කෙලින් වෙනවා මේක කියවනකොට . (නි)
ඔය සල්ලි ගොඩ වියදම් කර මේ ලෝකේ තිබෙන කාන්තාර ටික ගස්වැල් වලින් පරිපුර්ණ කෙරුවා නම් කොයි තරම් අගේද? එහෙම නැතිනම් ඔය ඇත්තෝ ඉවත් කරන ඝන අපද්‍රව්‍ය රෝකෙට් වල දමා යවන්න රතු ග්‍රහයාට. එතකොට මේ ලෝකේ ඉන්න සතා සිවු පාවට හරියට වතුර උගුරක් හරි බිලා නියමිත ආයු කාලය ගෙවන්න පුළුවන්.(නදී)
කුමාර කියනවා වගේ මෙහෙ ඉවත් කරන අපද්‍රව්‍ය රතු ග්‍රහයාට ගිහින් දාලා පරිසර දුෂණයක් ඇති කරන්න ඕනෑ. එවිට රතු ග්‍රහයා මිනිස් වාසයට සුදුසු එකක් වේවි. දුෂිත පරිසය තමා මිනිසාට සුදුසුම වාසස්ථානය. (නි)
මෙන්ඩිස්, ඔය කියන දේ ඔයාටවත් කරන්න බැහැනේ. "විශ්වය ගැන සෙවීම නිෂ්ඵල දෙයක්. තමන් ගැන සොයන්න." කියලා බුදුරජාණන් වහන්සේ කියලා තිබුනට ඔයා කරන්නෙත් තමන් ගැන සොයන එක නෙවෙයි නේ. එහෙම නම් ඇයි ඔය පත්තර බලන්නේ ? අන්තර්ජාලය භාවිතා කරන්නේ ? ඔයා ගැනම සොයා ගෙනම ඉන්නකෝ. අනෙක, මිනිසෙක් අඟහරු වලට යවලා පෙනන්න එක දවසින් බැහැ. ඒකට මයි මේ පර්යේෂණ කරන්නේ. ඔබේ ප්‍රතිචාරයේ මුල සිට අගට යනවිට තිබෙන්නේ ඔබේ සිතීමේ නොපැහැදිලි බව. (ස)