IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


රතු එළියට නොනවතින ක්‍රමයක්?

මාර්ග සංඥා ආලෝක පුවරුවේ රතු එළිය වැටුණු පසු සුසුම් ලෑමටත් කොළ එළිය වැටුණු පසු පිඹගෙන යෑමටත් පිළිතුරක් ලෙස මෝටර් රථයක් මාර්ග සංඥා ආලෝක පුවරු ළඟ නොනැවතී ධාවනය කරවිය හැකි පද්ධතියක් ජර්මනියේ අවුඩි මෝටර් රථ සමාගම අත්හදා බලමින් සිටියි.

මෝටර් රථයකට සවිවන මෙම පද්ධතිය ක්‍රියාත්මක වන්නේ නගරයක මාර්ග සංඥා ආලෝක පුවරු පද්ධතිය හා සම්බන්ධ කරමිනි. නගරයේ ඇති සංඥා පද්ධතිය පිළිබද තොරතුරු ලබා ගන්නා මෙම පද්ධතිය මෝටර් රථය ධාවනය වෙමින් පවතින මාර්ගය අනුව එම මාර්ගයේ රතු එළි දැල්වී තිබේද,කොළ එළිය දැල්වෙන්නේ කිනම් අවස්ථාවේද, කොළ එළිය දැල්වී තිබේ නම් යළිත් රතු එළිය දැල්වීමට කොපමණ වේලාවක් ගත්වේද ආදී තොරතුරු රියදුරාට දැන්වීමේ සමත්ය.

ආලෝක සංඥා පුවරු දෙස බලාගෙන රේස් යන රියදුරන් වෙනුවෙන්ම වූ පහසුකමක්ද මෙහි ඇත.කිසියම් අවස්ථාවක ආලෝක සංඥා පුවරුවක් හමුවට එමින් සිටින විටදී එහි රතු ආලෝකය දැල්වී තිබේනම් කොළ ආලෝකය දැල්වෙන තෙක් රථය කුමන වේගයකින් ධාවනය කළ යුතුද,කොළ ආලෝකය දැල්වී තිබේනම් රතු ආලෝකය දැල්වීමට ප්‍රථමයෙන් කුමන වේගයකින් සංඥා පුවරුව පසුකර යා යුතුද ආදී තොරතුරුද මෙම පද්ධතියෙන් රියදුරා වෙත ලබාදේ.

මෙම පද්ධතිය නිසා රියැදුරන්ට ආලෝක සංඥා පුවරු ළග කල් නොමරා තම මෝටර් රථ ධාවනය කරවිය හැකිය.

දැනට ජර්මනියේ ඉග්නොල්ස්ටැඩ් හා බර්ලින්, ඉතාලියේ වෙරෝනා යන නගරයන්හි මෙම පද්දතිය සවිකෙරුණු මෝටර් රථයන් වල ක්‍රියාකාරීත්වය අත්හදාබැලෙමින් පවතී.එම අත්හදා බැලීම් වලින් හොද ප්‍රතිඵල ලැබී ඇතැයි අවුඩි සමාගම කියයි.

අවුඩි සමාගමේ උත්සාහය සාර්ථක වේ නම් කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනයන් මෙන්ම අනවශ්‍ය ඉන්ධන පරිභෝජනයද අඩු කර ගැනීමට හැකි වනු ඇත.



අදහස් (0)

රතු එළියට නොනවතින ක්‍රමයක්?

යසවතී Thursday, 16 January 2014 03:42 PM

ඔන්න අත්හදා බලන්න බේස්ලයින් මාර්ගයේ කිරුලපොනේ සිට බොරැල්ල දක්වා (දී)

:       0       1

චමත් [ලංකාව] Friday, 17 January 2014 05:35 PM

ලංකාවේ වගේ අපස්බ්‍රංශ මාර්ග හැසිරවීමේ විදුලි පහන් ක්‍රමයක් [ට්‍රැෆික් ලයිට්] ලෝකයේ කිසිම රටක නැතුව ඇති. මේවා සැලසුම් කරන ඉංජිනේරුවන්ට මුලින්ම කල යුත්තේ විදේශීය රටකට රැගෙන ගොස් ඒ පිලිබදව හොද පුහුණුවක් ලබා දීමයි. ඊට පස්සෙවත්, තමන් මොකද්ද කල යුත්තේ කියලා තේරුම් ගනියි. (නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්
2024 ජුලි මස 16 18 0

ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනප


බංග්ලාදේශයේ සිසු ගැටුමක්: 100 ක් රෝහලේ
2024 ජුලි මස 16 5 0

රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය අවසන් කරන්නැයි බල කරමින් විරෝධතා පවත්වන සිසුන් පිරිසක් සහ එම කෝටා ක්‍රමයට සහාය දක්වන සිසුන් පිරිසක් අතර ගැටුමක් ඩකා අගනු


උඩ යැවූ චන්ද්‍රිකා 20 ක් ආපසු පෘථිවියට වැටෙනවා
2024 ජුලි මස 15 164 0

ස්පේස් එක්ස් සමාගම, ඔවුන්ගේ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවක් පෘථිවි කක්ෂයට රැගෙක ගිය චන්ද්‍රිකා 20 ක් ආපසු පෘථිවියට කඩා වැටීමේ අවදානමක් පවතින බව පැවැසෙයි.


ට්‍රම්ප් කතාව වෙනස් කරලා
2024 ජුලි මස 15 4220 2

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂකයා ඩොනල්ඞ් ට්‍රම්ප් යැයි නිල වශයෙන් පිළිගැනීම විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරයේ පැවැත්වෙන


වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල
2024 ජුලි මස 15 6175 3

පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජය


නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ
2024 ජුලි මස 15 1047 0

පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 96 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1820 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site