ලබන මාසයේදී පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකා ටෙලිනාට්‍ය නිළි මේගන් මාර්කල්ගේ රාජකීය විවාහ උත්සවය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මාධ්‍යවේදිනියකද සිටින බව වාර්තාවේ.
මෙලෙස සුදුසුකම් ලබා ඇත්තේ ඈන් මේරි මැදිවක නැමැති මාධ්‍යවේදිනියකි. ඇය කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සිදුකරන නිවේදිකාව ද වන්නීය. එසේම ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක වන බවද සදහන්ය.
ඈන් මේරි මැදිවක ‘‘ 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව ‘‘නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලැබූ මාධ්‍යෙව්දිනියකි.
1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඈන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් ඇති බවද සදහන්ය. තමාට අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනු ලැබුවාය.
හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ වගකීම කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මේරි මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරය බව වාර්තා වේ.
ලබන මැයි මස 19 වනදා පවත්වන මෙම රාජකීය විවාහයට සියලුම කටයුතු මේවනවිට සූදානම් වෙමින් තිබෙන අතර එය ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැත්වේ.
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකා ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවයට, සහභාගී වෙන්නැයි 12 හැවිරිදි බ්‍රිතාන්‍ය දැරියක වන අමීලියා තොම්සන්ට ඇරැයුම් ලැබී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
රාජකීය යුවල පසුගිය දා නිවේදනය කළේ විශේෂ අමුත්තන් ලෙස තෝරාගත් සාමාන්‍ය වැසියන් 1,200 දෙනකුට ඇරැයුම් කරන බවය. අමීලියා ද ඔවුන්ගෙන් කෙනකු වන බව පැවැසෙයි.
දේශපාලනඥයන් කිසිවකු මංගල උත්සවයට ඇරැයුම් නොකිරීමට ද හැරී සහ මේගන් තීරණය කර ඇතැයිද වාර්තා වේ.
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්!
ඕක කියන්න තරම් විශේෂ කාරණයක්ද? අපේ අයගේ යටත් විජිතවාදී මානසිකත්වය තවම ඉවත්වෙලා නැහැ. ඇය දක්ෂ මාධ්‍යවේදිනියක් වෙන්න ඇති. එත් මේ අවස්ථාව ශ්‍රී ලාංකික අපට නම් විශේෂ දෙයක් නොවෙයි.
මමත් දිලාන් ගේ අදහසට සම්පුර්ණයෙන් එකඟයි.
මැය 2007 වසරේ කැනඩාවේ වයස 35 ට අඩු ටොප් 35 ලිස්ට් එකට නොමිනේට් වුනා. 2004 වසරේ සුනාමි වෙලාවෙත් ලංකාව ගැන වාර්තා වැඩ සටහනක් කළා අවතැන් වෙච්ච් මිනිස්සුන් ගේ දුෂ්කරතා ගැන. දුෂ්කර ගමන් මගක් ඔස්සේ ලබපු මේ ඔබගේ වෘත්තීයමය ජයග්‍රහණය ගැන ලංකාවේ ගැහැනියක් වශයෙන් අපිට ආඩම්බරයක්.
අනේ මේ කොල්ල ඉඳල ඉඳල කරගත්තු කසාදෙ.
කුහක සිංහලයින් තමයි අද මේ රට අගාධයට අරන් යන්නේ.. අන් අය කරුණාකර එවන් ගොබ්බයින්ව පිළිකුලින් යුතුව හෙළාදකින්න. අනික ඔය දෙදෙනාම සරමක් හා රෙද්ද හැට්ටේ ඇඳ පයින් ගමන් යන අය විය යුතුයි. මෙහි දමා ඇති අදහසේ විදියට ....
කැනඩියානු ජාතිකයෙක්. ලංකාවේ ඉපදුනා විතරයි. සිංහල වචනයක් බැරුව ඇති. ලොකුවට කතා කරන්න දෙයක් නෙමේ
මේ මගුල ලංකාව වැනි බ්‍රිතාන්‍යයේ පැරණි යටත් විජිතවල මිනිසුන්ට ලොකු ප්‍රවෘත්තියක් වුණාට වෙන රටවල මිනිසුන්ට ඕක එතරම් දෙයක් නොවේ. ඕක කවරින් කරන්න යන එක ඔච්චර විශාල දෙයක් නොවේ. ලංකාවේ මෙම කාන්තාවට වැඩිය ජාත්‍යන්තර ප්‍රසිධියට පත්වුණු මාධ්‍යවේදීන් ඉඳල තිබෙනවා. දැනුත් ඉන්නවා.