යුක්රේන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 44 දෙනෙකුගේ නාම යෝජනා ඉදිරිපත් වී ඇති බව යුක්රේනයේ මැතිවරණ බලධාරීහු පැවසූහ.
වත්මන් ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ මහතා සහ හිටපු අගමැති යුලියා ටිමොෂෙන්කෝ මහතා අපේක්ෂකයන් අතර ඉදිරියෙන් සිටිති.
එසේම ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු වන වොලොඩිමිර් සෙලෙන්ස්කි මහතා ද ප්‍රධාන අපේක්ෂකයන් අතර වෙයි.
මෙම සතියේ නිකුත් කළ සමීක්ෂණයකින් 21.9% ක් සෙලෙන්ස්කි මහතාට සහාය දක්වන බවත්, 19.2%ක් ටිමොෂෙන්කෝ මහතාට සහය දක්වන බවත්, 14.8%ක් පොරෂෙන්කෝ මහතාට සහය දක්වන බවත් අනාවරණය වී ඇත.
ජනාධිපති අපේක්ෂකයන් 93 දෙනා තරගය සඳහා සහභාගී වීමට උත්සාහ කර ඇති අතර බොහෝ දෙනෙකුගේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප වී ඇත.
එක් අපේක්ෂකයෙක් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 2.5 (ඩොලර් 90,000 ක් පමණ) වේ.
(63226)
2025 දෙසැම්බර් මස 18
52
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 44 ක්