ජපානයට බලපා ඇති අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ලක්ෂ 9 කට අධික පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ජපානයේ දකුණු දිග ක්යුෂු දිවයිනට පැය 48 ක් පුරා අධික වර්ෂාපතනයක් බලපා ඇත.
එමෙන්ම සාගා ප්‍රදේශයට පැය 48 ක කාලයක් තුළ මිලිමීටර් 427 ක වැසි ඇදහැලුණු අතර ගංවතුර සහ නායයාම් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.
ජල ගැල්ම හේතුවෙන් කර්මාන්ත ශාලාවල තෙල් ජලයට මුසුවී ඇති අතර ඒවා වගා බිම් කරාද පැතිර ගොස් තිබේ.
පුද්ගලයින් හය ලක්ෂ හැත්තෑදහසකට ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති අතර අවතැන්වූවන් වෙනුවෙන් සහන සේවා රැසක් ක්‍රියාත්මක කර ඇත.
රථ වාහන 450 ක් පමණ ගංවතුරෙන් යටවී ඇති බව ද බලධාරීහු පවසති.
(රොයිටර් ඇසුරෙනි)
-226-
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහ වැස්සෙන් ජපානයට දැඩි හානි