IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුෂාරෆ් අල්ලන්න පාකිස්තාන රජය ඉන්ටර්පෝල් සහාය පතයි

හිටපු අගමැතිනී බෙනාසීර් බූතෝ ඝාතනය සම්බන්ධයෙන්, එවකට පාකිස්තානයේ ජනපති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් අල්ලා ගැනීමට අන්තර් ජාතික පොලිස් කොමිසම හෙවත් ඉන්ටර්පොල් ආයතනයේ සහාය ඉල්ලීමට පාකිස්තාන රජය ඊයේ (4) තීරණය කළේය. ඒ අනුව මුෂාරෆ්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසට ඉන්ටර්පෝල් ආයතනයට දැනුම් දී ඇතැයි ද පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති රහ්මාන් මලීක් පවසයි. බෙනාසීර් බූතෝ ඝාතනයට ලක් වූයේ 2008 වසරේදීය. ඒ, ඇය දේශපාලන රැලියකට සහභාගී වූ අවස්ථාවේදීය. එම අවස්ථාවේ ජනපති ධුරය හෙබවූයේ මුෂාරෆ්ය. ජීවිත අනතුරු තිබියදී බෙනාසීර් බූතෝට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් මුෂාරෆ්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන මුෂාරෆ් පවසන්නේ බූතෝ ඝාතනය සිදු කළේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් බවය. බූතෝ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන රජය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වීය. ඒ, ජනපති අසීෆ් අලී සර්දාරීගේ ඉල්ලීමක් අනුවය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් මුෂාරෆ්ට ජනපති ධුරය අහිමි විය. ඔහු පාකිස්තානයෙන් පිටුවහල් වී ඩුබායි සහ ලන්ඩන් නුවර පදිංචියට ගියේය. කිසිදු ලේ වැගිරීමක් නොකොට මුෂාරෆ්, හමුදා කුමන්ත‍්‍රණයකින් පාකිස්තානයේ හමුදාපතිවරයා ලෙස බලයට පත්වූයේ 1999 වසරේදීය. මේ වනවිට යළිත් පාකිස්තාන දේශපාලන කරළියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින මුෂාරෆ්, ‘සියලූම පාකිස්තාන වැසියන්ගේ මුස්ලිම් ලීගය’ යනුවෙන් නව දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ඇත. පාකිස්තානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2013 වසරේදීය. හිටපු ජනාධිපති මුෂාරෆ් යළි සිය රට පැමිණෙන බව මීට සති කිහිපයකට පෙර නිවේදනය කළ අවස්ථාවේදී පාකිස්තාන රජය කියා සිටියේ මුෂාරෆ් යළි පැමිණියහොත් බෙනාසීර් බූතෝ ඝාතනයට වරදකරුවකු ලෙස ඔහු වහා අත්අඩංගුවට ගන්නා බවය. හිටපු පාකිස්තාන අගමැතිනියක වූ බෙනාසීර් බූතෝ ඝාතනයට  මුෂාරෆ් සම්බන්ධ බවත් පාකිස්තානයට පය තැබූ විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සියලූම නීති කටයුතු සම්පාදනය කර ඇති බවත්  පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටියි. මුෂාරෆ්



අදහස් (0)

මුෂාරෆ් අල්ලන්න පාකිස්තාන රජය ඉන්ටර්පෝල් සහාය පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site