IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘මාවෙන්‘ අඟහරු වෙත යයි

නවත ම අඟහරු ගවේෂණ යානය අඟහරු කක්ෂයට ඇතුළුවීමට ඉතා ආසන්න බව නාසා ආයතනය පවසයි. මාවෙන් ලෙස නම්කැර ඇති මේ යානය ඉරිදා රාත්‍රී අඟහරුගේ කක්ෂයට ඇතුළුවේ යැයි විශ්වාස කරයි.

මාවෙන් මේ වනවිට පෘථිවියෙන් නික්මී මාස 10ක් ගතවී ඇති අතර සැතපුම් ලක්ෂ 440ක් ගෙවා දමා ඇත. ආදි කාලීන රතු ග්‍රහයා අද වනවිට පත්ව ඇති තත්ත්වයට පත්වූයේ කෙසේ ද යන්න පිළිබඳ පර්යේෂණ සිදුකිරීම මේ යානයේ අපේක්ෂාවයි.

රතු ග්‍රහයාගේ වායුගෝලයේ ඉතිහාසය අධ්‍යයනය කරමින් එහි කාලගුණික තත්ත්වය, ජල ප්‍රමාණය හා යෝග්‍යතාව සම්බන්ධව අධ්‍යයනය කරන ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි

නාසා ආයතනය මගින් අඟහරු වෙත යවන මාවෙන් එහි තනිවන්නේ නැත. ඉන්දියාව අඟහරුවෙත යැවූ ප්‍රථම යානය මාවෙන් කක්ෂගතවී දින කිහිපයකට පසු එහි ළඟාවනු ඇත. මේ යානා දෙක එක්ව පර්යේෂණ කටයුතුවල නිරතවිය හැකියැයි නාසා ආයතනය පවසයි.

සති හතරකින් ස්ලයිසින් ධූම කේතුව අඟහරු ග්‍රහයාට ඉතා සමීපව ගමන්කරන බැවින් එය අධ්‍යයනය කිරිමේ දුර්ලභ අවස්ථාව ද මේ යානයට ලැබෙනු ඇතැයි නාසා ආයතනය කියයි.



අදහස් (0)

‘මාවෙන්‘ අඟහරු වෙත යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 266 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site