IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


මාලදිවයිනේ ජනපතිවරණය කඩිනමින් පවත්වන්න

මාලදිවයිනේ අවලංගු කරන ලද  ජනපතිවරණය හැකිතාක් ඉක්මනින් පවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් අවධාරණය කර සිටියේය.ඒ ජනපතිවරණය අවලංගු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර විරුද්ධත්වයක් ප‍්‍රකාශ කරමිනි.  ජනපතිවරණය යළිත් අවලංගු කිරීමට එරට මැතිවරණ

හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ට සහාය පළකරන විරෝධතාකරුවන්

කොමිසම පසුගියදා (19) පියවර ගනු ලැබුවේ පොලිසියෙන් එල්ල කෙරුණු බාධා හේතුවෙනි.

මහ ලේකම්වරයා තවදුරටත් පවසා සිටියේ ජනපතිවරණය නැවත පැවත්වීම එරට සියලූ දෙනාගේ වගකීමක් බවත් දේශපාලන නායකයන් රාජ්‍ය ආයතන ඒ සඳහා කටයුතු කළයුතු බවත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකිරීමක් වන බවත්ය.එසේම ජනපතිවරණය හැකි ඉක්මනින් නිදහස් හා සාමකාමී ලෙස පැවැත්විය යුතු බවද මහ ලේකම්වරයා තවදුරටත් පවසා සිටියේය.

මාලදිවයිනේ 19වැනිදා පැවත් වීමට නියමිතව තිබු මැතිවරණයෙන් හිටපු ජනපති ජයගනු ඇතැයි අනාවැකි පළ වී තිබුණි.

මහා ලේකම්වරයා තවදුරටත් සඳහන් කර සිටියේ මැතිවරණය හැකිතාක් ඉක්මනින් පවත්වා එරට ව්‍යවස්ථාට හා අධිකරණ තීන්දුවට ගරු කරමින් නොවැම්බර් 11 වන  දින වන විට ජනපතිවරයෙක් පත්කළ හැකි බවයි.

යුරෝපා සංගමය සහ ඉන්දියාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන බවද පැවසේ. පොලිසියෙන් එල්ල කෙරුණු බාධා හේතුවෙන් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය අවලංගු කළ බව මාලදිවයින් මැතිවරණ කොමිසම එදින නිවේදනය කළේය.

මාලදිවයින් ජනපතිවරණය අවලංගු කෙරුණු දෙවැනි අවස්ථාව මෙය වෙයි. සැලැසුම් කළ පරිදි, ජනපතිවරණය පැවැත්වීමට නොහැකි වූ බවත්, පොලිසියේ ‘කඩකප්පල් කි‍්‍රයා’ ඊට බාධාවක් වූ බවත් මැතිවරණ කොමිසම නිවේදනය කළේය. 19 වැනිදා උදෑසන ජනපතිවරණය පැවැත්වීමට සූදානම් වෙද්දී, පොලිසිය මාලේ අගනුවර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වැටැලූ බව ද වාර්තා විය.

පොලිසිය කියා සිටියේ, මැතිවරණ කොමිසම ඡන්දදායකයන්ගේ නම් ලැයිස්තු අනුමත නොකිරීම නිසා, ජනපතිවරණය පැවැත්වීමට තමන් ඉඩ ලබා නොදුන් බවය  පොලිසිය කළ එම කි‍්‍රයාව, රටේ ව්‍යවස්ථාදායකයේ අර්බුදයක් නිර්මාණය කිරීමට, හේතුවක් වනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ බිය පළ කරති. මාලදිවයිනේ මීට පෙර, ඉකුත් සැප්තැම්බර් 7 වැනිදා ජනපතිවරණයක් පැවැත්විණි. එහිදී වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත්තේ, පොලිසියේ සහ හමුදාවේ කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරුණු හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් ය.

නෂීඞ්ට හෝ සෙසු ප‍්‍රධාන අපේක්ෂකයන්ට හෝ සියයට 50 කට වැඩියෙන් ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය.

ඒ අනුව, ජනපතිවරණයේ දෙවැනි වටය, ඉකුත් 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ, නෂීඞ් සහ නෂීඞ්ගේ ආසන්නතම ප‍්‍රතිවාදියා වූ අබ්දුල්ලා යෙමීන් අතරේ ය.

යෙමීන් ලබා ගත් ඡුන්ද ප‍්‍රතිශතය සියයට 25 ක් විය. යෙමීන්, මාලදිවයිනේ දීර්ඝ කාලයක් ජනපති ධුරයේ සිටි අබ්දුල් ගයුම්ගේ ඥාතියෙක් ද වෙයි. දෙවැනි වටයට අධිකරණයෙන් බාධා එල්ල විය. අධිකරණ නියෝගයකින් එය කල් දැමුණි. ඊට හේතු වූයේ, සැප්තැම්බර් 7 ජනපතිවරණයෙන් තෙවැනි ස්ථානයට පත් අපේක්ෂක, කසීම් ඊබ‍්‍රහීම් කළ චෝදනා නිසාය. ඊබ‍්‍රහීම් චෝදනා කළේ, ජනපතිවරණයේ අක‍්‍රමිකතා රැසක් සිදුවුණු බවටය. කසීම් ඊබ‍්‍රහීම්, හිමිකර ගත් ඡුන්ද ප‍්‍රතිශතය සියයට 24 කි. ඊබ‍්‍රහීම්, මාලදිවයිනේ කෝටිපති ව්‍යාපාරිකයෙකි.

අධිකරණ නියෝගයකින්, ජනපතිවරණය අවලංගු කෙරුණි. ඔක්තෝබර් 19 වැනිදා, යළි අලූතින් ජනපතිවරණයක් පැවැත්වීමට තීරණය කළ අතර, පොලිසියේ මැදිහත් වීමෙන් එය ද අවලංගු කෙරුණි.

මාලදිවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ වැදගත් සංධිස්ථානයක් වූ එම ජනපතිවරණයට පොලිසිය බාධා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි, ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය පවසා ඇත. මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍යයක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලය ද මාලදිවයිනේ වත්මන් ජනපති වහීඞ් හසන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා ඇත්තේ, කඩිනමින් ජනපතිවරණය පැවැත්වීමටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටත් පියවර ගන්නා ලෙසටය.
වත්මන් ජනපති වහීඞ් හසන් ද සැප්තැම්බර් 7 වැනිදා පැවැති ජනපතිවරණයට ඉදිරිපත් වූයේය.

ඔහුට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 5 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. පෙරේදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට තමා ඉදිරිපත් නොවන බව ද වහීඞ් හසන් තීරණය කර තිබුණි.

 



අදහස් (0)

මාලදිවයිනේ ජනපතිවරණය කඩිනමින් පවත්වන්න

ටිකිරි බණ්ඩා Tuesday, 22 October 2013 10:20 AM

ඉදිරියේදි අපේ රටෙත් දිනනකම්ම ජනාධිපතිවරණය අවලංගු කරාවි. (ස)

:       0       0

රංජිත් Tuesday, 22 October 2013 11:11 AM

ඇත්ත නම් දුකක් දැනෙනවා. හොඳ රටක් නැති කල ඉන්දීය අය වග කියන්න ඕනේ ආසියාවේ හැම රටක්ම ගිනි තියනවා. (ස)

:       0       0

සිංහ Wednesday, 23 October 2013 07:54 AM

මිනිස්සු එකතු උනොත් ? (නදී)

:       0       0

රසාදරී මාලදිවයින Wednesday, 23 October 2013 08:15 AM

ජනාධිපතිවරණ සීයක් තිබ්බත් ටිකිරි බණ්ඩා වාගේ අයට ඕනෑ ජනාධිපති නැවත පත්කරගන්න බැහැ. මොකද අතිගරු ජනාධිපතිතුමා යුද්ධයෙන් රට බේරාගෙන මේ පොළව සියලු ජාතීන්ට බියක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනක් කළ එකට සහ රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න කරන මෙහෙවර වෙනුවෙන් කළගුණ දත් මිනිසුන් තවත් චිරාත් කාලයක් ඡන්දය පාවිච්චි කරන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site