IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මැරෙන්නට පෙර දුම් වැටි විසි කරයි

බ්‍රිතාන්‍යයේ ප්‍රෙස්ටන්හි පදිංචි ක්ලාරා කොවෙල් ගේ නරක විනෝදාංශය වූයේ දුම්පානයයිග 1931 දීග දුම් වැටියට ඇබිබැහි වු  ඇයට දිනකට දුම්වැටි 3 ක් වත් අවශ්‍ය විය.

පසුගියදා යෙදුණු ඇයගේ 102 වන උපන් දිනයේදී නම් ක්ලාරා තීරණය කළේ මේ නරක පුරුද්ද අත්හැරීමටය. ගණන් බලා ඇති ආකාරයට 1931 සිට මේ දක්වා ඇය දුම්වැටි 60,000 ක් පමණ බී ඇත.

වෘත්තියෙන් ඇදුම් මසන්නියක වන ක්ලාරා ගතකරන්නේ සරල දිවිපෙවෙතකි.පරම්පරා ගාණකට පමණ අයත් දරුමුණුබුරෝද  ඇයට වේ.වයස අවුරුදු 102 ක් වූවත් සිය මවට තමන්ටත් වඩා හොදට ජීවිතය විදිය හැකි බව ඇයගේ දියණියෝ කියති.ඔවුන්ද මේ වන විට පසුවන්නේ ජීිවිතයේ සැදෑ සමය ගෙවමිනි.

දුම්බීම අතහැරීම නිසා සිය මව නිතර යෑමට පුරුදුව සිටි අවන්හල් හා තැබෑරුම් වලට නම් ඇය නැති අඩුපාඩුව හොදින්ම දැනෙනු ඇතැයි ක්ලාරාගේ දියණියෝ කියන්නේ සිනහමුසුවය.



අදහස් (0)

මැරෙන්නට පෙර දුම් වැටි විසි කරයි

ධනංජය Tuesday, 19 February 2013 12:07 PM

ඔහොම බීලත් ඔච්චර කලක් ඉන්නවා කියන එකත් පුදුමයක් නේද? (නි)

:       0       0

සුදේශ් Tuesday, 19 February 2013 12:11 PM

කවුද කියන්නේ දුම් බීපුවහම ආයුෂ අඩුවෙනවා කියලා? (නි)

:       0       0

සමන් Wednesday, 20 February 2013 09:41 AM

සිගරට් මත්පැන් වල හානිකරදේ සරල දිවි පැවැත්ම හා යහපත් මානසික තත්වය මගින් මගහරවා ගතහැකි බව මෙයින් ලැබෙන ආදර්ශයයි.(නදී)

:       0       0

සෙනේ Tuesday, 19 February 2013 06:30 PM

සිගරට් බිලත් 102 කියන්නේ හොදයිනේ (දී)

:       0       0

සදරුවන් Tuesday, 19 February 2013 02:13 PM

අපේ ආච්චිලට අපි කිව්වේ කිරි අම්මා කියලා. මෙයාට කියන්න වෙන්නේ බීඩි අම්මා කියලා. සිගරට් ගදේ ඉන්නේ කොහොමද?(නදී)

:       0       0

චාමි Tuesday, 19 February 2013 02:16 PM

කොහොම වුණත් ඒ දේවල් වලින් ඈත් වුණ එක හොදයි. (නි)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 02:54 PM

දුම් බීවම ආයුෂ කෙටියි කියන්නේ බොරුනේ දැන් බලපුවාම.(නදී)

:       0       0

මාලි Wednesday, 20 February 2013 12:23 AM

හරිම ඇත්තක්.(නදී)

:       0       0

නයනා Wednesday, 20 February 2013 12:47 AM

ඔව් ලලිත් එක සහතික ඇත්ත. ඇමරිකාවේ වයසක බොහොම දෙනෙක් අවුරුදු 80-100 පහුකරනවමයි. ඒවගේම ඇති තරම් දුම්වැටි බීපු අය . සමහරවිට මෙහෙ දේශගුණයේ මොකක් හෝ බලපෑමක් ඇති. නැත්නම් ඉතින් කන්නෙත් ඌරුමස්, හරක් මස් වගේ ඒවානේ දිනපතාම.(නදී)

:       0       0

හනා Tuesday, 19 February 2013 04:40 PM

වයසට ගිහින් කලත් ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

සුරංග Wednesday, 20 February 2013 07:54 AM

සිගරටි බිවිවට අවුලක් නෑ එහෙනමි.(නදී)

:       0       0

ගාමිණි Tuesday, 19 February 2013 11:48 AM

102 ජිවත් වීමේ රහස (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1136 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site