IMG-LOGO

මියන්මාර් අතුරු මැතිවරණයට අවුන් සාන් සූ කී සුදානම්

දශක ගණනක් තිස්සේ මියන්මාරයේ හමුදා පාලනය නිමා කිරීමේ අරමුණින් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී එළැඹෙන අපේ‍්‍රල් 1 වැනිදා පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඊයේ (18) ලියාපදිංචි වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන සූ කී ගතවී ගිය විසි වසරින් වැඩි කාලයක් ගත කළේ නිවාස අඩස්සියේය. ඇයට නිදහස හිමිවූයේ ඉකුත් වසරේ මියන්මාරයේ පැවැති මහ මැතිවරණයෙන් පසුවය. කෙසේ නමුත් මැතිවරණයෙන් ජය ගත්තේ මියන්මාර හමුදාවට හිතවත් දේශපාලන පක්ෂයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් මැතිවරණයක් සඳහා ලියාපදිංචි වූ පළමුවැන්නා ලෙස සූකී හඳුන්වාදිය හැකි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය. මියන්මාර හමුදා පාලනය සහ විපක්ෂය අතර ඇති වූ සංවාදයේ ප‍්‍රතිපලයක් ලෙස වසර 66ක ඉතිහාසයක් ඇති ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට’ නැවත නිල වශයෙන් දේශපාලනයට පිවීසීමට අවස්ථාව ලැබී ඇත.අවුන් සාන් සූ කී



අදහස් (0)

මියන්මාර් අතුරු මැතිවරණයට අවුන් සාන් සූ කී සුදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 146 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site