මියන්මාර විදුලි සන්දේශ අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි පැවැසෙන අල්ලස් දුෂණ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කිරීමට එරට රජය ඊයේ (24) පියවර ගෙන ඇත.
හමුදා පාලනය අවසන් කර මියන්මාරයේ පිහිටුවූ සිවිල් රජය ඔවුන්ගේ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හරහා ප‍්‍රතිඥාවක් ලබා දී ඇත්තේ රජයේ දුෂණ වංචා ඇත්නම් ඒවා ගැන වහා සොයා බලන බවටය.
මේ වනවිට රජයේ දුෂණ මර්දන ඒකකය මගින් විදුලි සන්දේශ අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරීන් 20 දෙනකුගෙන් ප‍්‍රශ්න කෙරෙන බව ද මියන්මාර රජය පවසයි.
විදුලි සන්දේශ අමත්‍යාංශයට දුෂණ චෝදනා එල්ල වූයේ ඉකුත් සතියේය. එම අවස්ථාවේදී පරීක්ෂණ කටයුතුවලට ඉඩ ලබාදී විදුලි සන්දේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ තියෙන් ටුන් එම ධුරයෙන් ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමා ඉල්ලා අස් වෙයිද දන්නේ නැහැ (දී)