මිය කාන්තාවකගේ ගර්භාෂයක් බද්ධ කිරිමෙන් පසුව බ්‍රසීලයේ කාන්තාවක් සාර්ථක ලෙස දරු උපතක් සිදු කර ඇති බව වාර්තා වෙයි. මෙවැනි ක්‍රියාවක් සාර්ථක වු ප්‍රථම අවස්ථාව මෙය වේ.
පැය 10 ක් පුරා සිදුකළ ඉන්ද්‍රිය බද්ධ කිරිමේ සැත්කමකින් පසුව සරුභාවය පිළිබඳ ප්‍රතිකාර කිරිම බ්‍රසීලයේ සාඕ පෝලෝහීදී සිදු කෙරිණි.
මෙම දරු උපත සිදු කළ කාන්තාව ගර්භාෂයක් නැතිව උපත ලබා තිබේ. ඇය 32 හැවිරිදි වියේ පසුවන්නීය.
මොළයේ ලේ ගැලීමකින් මියගිය 40 හැවිරිදි කාන්තාවකගේ ගර්භාෂයක් මෙම අවස්ථාවේ දී ඇයට පරිත්‍යාග කර ඇත.
දරුවාත් මවත් මේ වන විට නීරෝගී සුවයෙන් පසුවන බව වෛද්‍යවරු පවසති.
(බීබීසි ඇසුරෙනි)
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd