ඉන්දියාවේ මුම්බායි නුවර දුම්රිය මාර්ග පද්ධතියක් මතට පාලමක් කඩා වැටී ඇතැයි වාර්තා වේ.
අධික වර්ෂාව හේතුවෙන් පාලම කඩා වැටුණු බව බලධාරීහු පවසති.
නගරයේ අතිශය කාර්ය බහුල දුම්රිය මාර්ග පද්ධතියක් වන අන්ද්‍රෙයි දුම්රිය ස්ථානය අසල පාලමක් මෙලෙස කඩා වැටී ඇති අතර අනතුරින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇත.
මේ හේතුවෙන් බටහිර දුම්රිය මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති අතර බොහෝ ජනතාවක් දුම්රිය මාර්ගයේ රැඳී සිටින බවද මාධ්‍ය වාර්තා කර ඇත.
දුම්රිය ධාවනය අඩපණ වීම නිසා බස්රථ සහ අමතර වාහන විශාල සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් මුම්බායි නගරයේ අධික වාහන තදබදයක්ද ඇතිවී යැයි පොලිසිය පවසයි.
(බීබිසී ඇසුරිනි - 085)


2025 නොවැම්බර් මස 04
257
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2102
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1605
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුම්බායි නුවර දුම්රිය මාර්ග පද්ධතියක් මතට පාලමක් කඩා වැටෙයි