IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුට වසර 6 ක සිර දඬුවමක්

ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි නුවරට එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකූ පුද්ගලයාට වසර හයක සිර දඬුවමක් නියම කර ඇත.

ත්‍රස්තවාදී චෝදනා කිහිපයක් යටතේ ඔහුට සිර දඬුවම් නියම කර ඇත. මෙසේ දඬුවම් නියම වී ඇත්තේ හෆීස් සයිද්ට ය. තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක කොටස්කරුවකු වීම සහ නීතිවිරෝධී දේපළ ලබාගැනීම යන චෝදනාවලට හෆීස් සයිද් වරදකරු වූයේ යැයි ඔහුගේ නීතීඥ ඉම්රාන් ගිල් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

2008 වසරේදී මුම්බායි නුවරට ප්‍රහාර එල්ල කිරීමේ සම්බන්ධයෙන් ඉන්දියාවට හෆීස් සයිද් අවශ්‍ය කර තිබේ. ඉස්ලාමීය සටන්කාමීන් 10 දෙනකු ආයුධ සන්නද්ධව මුම්බායි නුවරට එල්ල කළ ප්‍රහාරයෙන් 166 දෙනෙක්ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. දින තුනක් මුළුල්ලේ එම ප්‍රහාරය එල්ල විය.

සයිද්ගේ සම්පූර්ණ නඩු තීන්දුව කුමක්දැයි ඔහුගේ නීතීඥයා වැඩි විස්තර නොදුන් නමත් ලාහෝරයේ බන්ධනාගාරයකට ඔහු යොමු කරන බව කීවේය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දේවගැතිවරයකු ලෙස ප්‍රකට සයිද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කළ අතර ඔහුගේ හිසට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ද නියම කළේය. සයිද් ජමාත් උද් දාවා ඉස්ලාමීය පුණ්‍ය සංවිධානයේ නායකයා ය.

එම සංවිධානයේ හමුදා ඒකකය ලක්ෂාර් ඊ තයිබා සංවිධානය බවත් මුම්බායි ප්‍රහාරය එල්ල කරන ලද්දේ එම සංවිධානය බවත් ඇමෙරිකාව සහ ඉන්දියාව විශ්වාස කරයි.

තමන් මේ කිසිවකට සම්බන්ධ නැතැයි චෝදනා ප්‍රතික්ෂේප කරමින් සයිද් අවස්ථා කිහිපයදීම පැවැසීය. එහෙත් හෙතෙම අවස්ථා කිහිපයකදීම පාකිස්තානයේ විවිධ ස්ථානවල රැඳවුම් භාරයේ පස වූ අතර විවිධ චෝදනා මත නිවාස අඩස්සියට ද පත්විය.

එහෙත් බොහෝ අවස්ථාවලදී ඔහුට පාකිස්තානය තුළ නිදහසේ එහා මෙහා යැවීමට අවස්ථාව ලැබිණි. එය ඉන්දියාවේ දැඩි කෝපයට හේතු වූ අතර සයිද්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉන්දියාව අවස්ථා ගණනාවකදී අවධාරණය කළේය.

මේ වනවිට ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ චෝදනාව ද පාකිස්තානයට එල්ල වී තිබේ. ප්‍රංශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මූල්‍ය කාර්ය සාධක බලකාය පාකිස්තානය අසාදු ලේඛන ගත කිරීමේ අවස්ථාවක් ඇතැයි ද පැවසේ. පාකිස්තානය ත්‍රස්තවාදයට මුදල් සැපයීමට පියවර ගැනීමට අපොහොසත් වී ඇතැයි ද එම බලකාය කියයි.

ඒ.එෆ්.පී.

ඡායාරූප ඒ.එෆ්.පී/රොයිටර්ස්

055



අදහස් (0)

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුට වසර 6 ක සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site