අතුරුදන්වූවන් සිටින පවුල් වල සාමාජිකයින්ට මානසික උපදේශන සේවා සැපයීමට උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසම කටයුතු කරමින් සිටී.
අතුරුදන්වූවන් සිටින පවුල්වල සාමාජිකයින්ගේ මානසික ආතතිය යම් තරමකට හෝ දුරු කරලීමට ඔවුන්ට මෙම උපෙද්ශන සේවා ආධාර වනු ඇතැයි අපේක්ෂාකෙරේ.
කොමිසමේ වැඩකටයුතු භාරව සිටින ති්‍රපුද්ගල මණ්ඩලය පවසන්නේ 1990 සිට 2009 වසර දක්වා පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 18000 ක් පමණ ලැබී තිඛෙන බවයි.ඒවායින් 5000 ක් පමණ ශී්‍රලංකා ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ අතුරුදන්වීම් ගැන පැමිණිලි වන බව මණ්ඩලය කියයි.
සාක්ෂි මද කම නිසා අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නිසි තොරතුරු ඔවුන්ගේ ඥාතීන් හා පවුල්වල සාමාජිකයින් වෙත ලබාදීමට අපහසු වී තිඛෙන්නේයැයි කොමිසමේ ලේකම් ධුරය හොබවන එච්.ඩබ්ලියු ගුණදාස මහතා පෙන්වාදේ.අනෙක් අතට අතුරුදන්වූවන් සිටින පවුල්වල සාමාජිකයින් හා ඥාතීන් මරණ සහතික හෝ අතුරුදන්වූ පුද්ගලයා වෙනුවෙන් රජය පිරිනමන ආධාර හෝ ලබාගැනීමට අකමැති බවත් ඔවුන් එම පුද්ගලයා තවමත් ජීවත් වන්නේ යැයි බලාපොරොත්තු දල්වාගෙන සිටින බවත් ඔහු පවසයි.
මෙවන් පුද්ගලයින්ට මානසික උපදේශන සේවා හා සමාජීය මෙන්ම මානසික සුවය ලබා ගැනීම සදහා සහය ලබා දිය යුතුයැයි උගත් පාඩම් හා සංහිදියා වාර්තාවෙන්ද හදුනාගෙන තිඛෙන්නකි.
උගත් පාඩම් හා සංහිදියා වාර්තාව විදෙස් රටකින් සකස් කරන වාර්තාවකින් නොව ශී්‍රලංකාවම සකස් කරන වාර්තාවකින් තිස් වසරක යුද්ධයේ පසු විපරමක් සිදුකර ගැටලූ ඇති තැන්හිදී අවශ්‍ය පියවර ගැනීමට සකස් කෙරුණකි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මානසික උපදෙස් නොමිලේ