IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මනාලිය බැකෝවෙන් යයි

සිය මනාලිය කැන්දාගෙන යාමට පස් කපන බැකෝ යන්ත‍්‍රයකින් පැමිණි මනාලයෙකු ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.

සයිමන් පළපුරුදු බැකෝ යන්ත‍්‍ර කි‍්‍රයාකරුවෙකි.ඔහුගේ පෙම්වතිය වූ හෙයිඩිද සිය පෙම්වතාගේ ‘බැකෝ  වූ පිස්සුව‘ ගැන හොදින්ම දැන සිටියාය.එහෙයින් මංගල දිනයේදී තමන් පල්ලිය වෙත කැන්දාගෙන යාමට සයිමන් බැකෝ යන්ත‍්‍රයක පැමිණ තිබීම ඇයට පුදුමයක් නොවිය. බැකෝ යන්ත‍්‍රයක සාමාන්‍යයෙන් අසුන් ගැනීමට හැක්කේ එක් අයෙකුට පමණක් බැවින් හෙයිඩිට සිදුවූයේ යන්ත‍්‍රයේ පස් රදවාගන්නා ‘‘කුල්ලේ‘‘ සිටගැනීමටය.අනතුරුව සයිමන් ඇය පරිස්සමින් පල්ලිය වෙත රැගෙන ගියේය.

‘‘මට කිසිම බයක් ඇතිවුණේ නැහැ.සයිමන් දක්ෂයකු බව මා දන්නවා.මගේ මවුපියන් ඇතුළු සියලු දෙනාට පුදුමයක් වුණ මම බැකෝ යන්ත‍්‍රයක එනවා දැකීම.

පල්ලිය වෙත පැමිණි යුවළ නෑදැහිතමිතුරන් සියලූ දෙනාගේ ආශිර්වාදය මධ්‍යයේ විවාහ දිවියට ඇතුළත් වුහ.ඔවුන්ගේ ‘‘ගමන් සගයාද’’ ඒ අසලම ගාල් කර තිබිණි.



අදහස් (0)

මනාලිය බැකෝවෙන් යයි

සංදීප් Tuesday, 16 April 2013 05:30 PM

ඔබ දෙපළට ජය සහ සතුට! (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 16 April 2013 11:10 AM

පුදුම වෙන්න දෙයක් නැහැ, අතීතයේ අපේ රටේ සයිමන් උන්නැහැලා එහෙම මනාලිය කැන්දන් ආවේ ගොන් කරත්තෙනේ.... (නි)

:       0       0

සිරි Wednesday, 17 April 2013 09:41 AM

ඔය මහා ලොකුවට කසාද බැන්දට දෙන්න ඉන්නේ මාස දෙකයි තුනයි. ඊට වඩා නම් නැහැ... දැන් කාලේ!! (නි)

:       0       0

ගාමිණී Tuesday, 16 April 2013 12:00 PM

අපේ රටේ බැකෝ එකකින් ගියා නම් මනාලයා කොට උඩ! පැයකට රුපියල් 2500/= ක් ගෙවනකොට ඒසී කාර් එකක යනඑක ලාබයි (නි)

:       0       0

ලීසා Tuesday, 16 April 2013 07:03 PM

විවාහය කියන්නේ ශිෂ්ටසම්පන්න සමාජයේ කාන්තාවක හා පුරුෂයෙකු එක නිවහනක අළුත් ජීවිතයක් ගතකරන්න පටන්ගන්නා දවස. ඒ දවස අනෙක් හැමෝටම වඩා වැදගත් වෙන්නෙ ඒ දෙන්නට. ඉතින් ඒ වගේ දවසක සමාජයට තිබෙන ලැජ්ජාව සහ බිය නිසා හැමෝම කරන දේවල් ඒ විදියටම කරන්න උත්සාහ නොකර තමන් කැමති දෙයක් තමන් කැමති විදිහට කරන්න මේ දෙන්නා ළඟ තිබුණු ආත්ම ශක්තිය අගය කළයුතුයි. (නි)

:       0       0

මේනු Tuesday, 16 April 2013 01:02 PM

පිස්සු හැදෙනවා... (නි)

:       0       0

හේරත් Tuesday, 16 April 2013 01:30 PM

මම හිතුවේ මනමාලි පස් කන්දක් කියලා. බැලුවම කුඩෙක දා ගෙන යන්න පුළුවන් මනමාලියෙක් නේ. සුබ මංගලම්.(නදී)

:       0       0

උපුල් Tuesday, 16 April 2013 02:01 PM

මොකක ආවත් කමක් නැහැ දෙන්නා සතුටින් හොදින් ජීවත් වෙනවා නම් ඒ ඇති . සුබ ගමන්!(නදී)

:       0       0

උපුල් Tuesday, 16 April 2013 02:03 PM

ඕකේ ආවට කමක් නැහැ. බිරිදට වැඩිය ඕකට ආදරේ කරන්න ගත්තොත් නම් හරියන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site