අතල් බිහාර් වජ්පායිගේ නික්ම යාමත් සමග බිද වැටුණු ඉන්දියා - පකිස්තාන සබදතා නරේන්ද්‍ර මෝදි ගේ ආගමනයත් සමග යළි අලූත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පැවසීය.
ඔහු මේ බව සදහන් කළේ මෝදිගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වීමට ඉන්දියාව බලා පිටත්ව යෑමට මත්තෙනි.
තමන් ‘‘සාමයේ පණිවුඩයක් රැගෙන ඉන්දියාවට පැමිණේන්නේයැයි‘‘ ඔහු කීවේය.
අලූත් ඉන්දියා අගමැතිවරයා හා පකිස්තාන අගමැතිවරයා අතර විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිතය.
දෙරට අතර වෙනස්කම් අමතක කර දමා නව සබදතා ගොඩනගාගෙන ඉදිරියට යායුතු කාලය පැමිණ ඇතැයි ඔහු කියයි.
අගමැතිවරුන් දෙදෙනාගේ හමුවෙන් පසු ෂෙරීෆ් පකිස්තාන සංචාරයක් සදහා මෝදිටද ආරාධනය කරනු ඇතැයි අපේක්ෂිතය.
දෙදෙනාගේ හමුව දෙරටටම ඉතා වැදගත් බව පෙන්වා දෙන දේශපාලන විචාරයෝ විශේෂයෙන් මෝදිගේ දිව්රුම් දීමේ උළෙලට සහභාගී වීමට ලැබුණු ආරාධනය පකිස්තානයේ ඇතැම් පාර්ශවයන්ගෙන් නැගුණු විරෝධය නොතකාම පිළිගැනීමට නවාස් ෂෙරීෆ් කටයුතු කිරීම ඔහු ඉන්දියාව හා සබදතා අලූත් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දෙන්නක් යැයි කියති.
COMMENTS
ඒක හොඳයි (ස)
කෝ අපේ කට්ටිය හා එන්න එන්න, ඔන්න මං පටන් ගත්තා,(ස)
මේ විධියට තමයි සාක් රටවල් කටයුතු කරන්න ඕනේ , නැතුව ජයලලිතටවත් , වෛකොටවත් , නැදුමරන්ට ඕනේ විදියටවත් නොවෙයි , හොඳම උදාහරණය යුරෝපා සංගමය එහි රටවල් අතරේ ලොකු බැඳීමක් තිබෙනවා , (අ)