මංගල මුදුවක් නිසා ආත්ම ගරුත්වයත් නැති කර ගත් පුද්ගලයෙකි චීන ජාතික සෙන්ග්.
හදිසියේ ඇසෙන්නට වූ සෙන්ග්ගේ විලාප හඬ අසා ඔහුගේ කාමරය වෙත පැමිණි මිතුරන්ට දැක ගත හැක වූයේ වැසිකිළි පෝච්චියේ අත සිර කරගෙන බිම බදාගෙන සිටිනා සෙන්ග්ය.
මේ මොන විකාරයක්දැයි ඔවුන් සෙන්ගේන් ඇසූ කළ ඔහු පවසා ඇත්තේ තම මංගල මුදුව වැසිකිළි පෝච්චියට වැටුණු බවයි.
එය බේරා ගැනීමට ගොස් දැන් අත තිබෙනුයේ පෝච්චියේ සිරවී බව ඔහු කියා ඇත.
සිනාව මධ්‍යයයේ සෙන්ග් බේරා ගැනීමට මිතුරන් උත්සාහ කළත් ඉන් පලක් නොමැති තැන ඔවුන් කර ඇත්තේ ගිනි නිවීමේ භටයින් කැඳැවීමයි.
ගිනි නිවීම් භටයින්ටද සෙන්ග් ගලවා ගත හැකිව තිබෙන්නේ පැය ගණනක ‘‘මෙහෙයුමකින්‘‘ පසුවය.
මෙම මෙහෙයුම නිසා සෙන්ග් පදිංචි වී සිටි තට්ටු නිවාසයේ සිටියවුන් සියල්ලගේ අවධානය සෙන්ග් වෙතම යොමුව තිබීම නොවැළැක්විය හැකි විය.
මංගල මුද්දක් නිසා තමන්ට මුහුණ දීමට සිදුවූ ලැජ්ජාව තම බිරිදගේ කෝපයට හසුවනවාට වඩා සැපවත් යැයි අත නිදහස් කර ගත් පසු සෙන්ග් පවසා ඇත.
සෙන්ග් රෝහල් ගත කිරීමට ගිනි නිවීම් භටයින් කටයුතු කර ඇති අතර මංගල මුදුව හමුවුවේදැයි කිසිත් සඳහනක් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල මුදුව වටිනවා,අත් දෙකම නැති වුණත් නේද? (නි)
මෙය හැමෝම කරන සාමාන්‍ය දෙයක් .එයාටඑම අවස්ථාවේ සිදුවුණු කරදරය ගැන කණගාටු වෙමු . (අ)
ඕක මොකක්ද ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් නායක මය්කල් ක්ලාක්ගේ පරණ පෙම්වතිය එයාට දීපු මුද්ද (ඩොලර් ලක්ෂ 2 ක එනම් රුපියල් කොටි දෙකහමාරක) වැසිකිලියට වීසි කරලා දැම්මා පසුව මය්කල් කෙනෙක් ලවා ගොඩ ගත්ත (අ)
අර මුද්ද තියෙන්නේ දබරැඟිල්ලේ.(අ)
අපේ රේගු නිලධාරීනුත් ඔය වගේ දේවලට ඉතා දක්ෂය. ඕනෑම තැනක ගසා හංගා ගෙනයන මුදල්, රන් කාසි, රන් පොලු සොයා ගන්නවා. චීනයේ වුණ නිසා අපිට කරන්න දෙයක් නැහැ. (නි)
මංගල බොරුකාරයෙක් (අ)
ඒ මිනිසුන්ට තමන්ගේ මංගල මුදුව වටිනවා (අ)
අම්මෝ! වැසිකිළියේ අපිරිසිදුකම.බිත්ති ඔහොම නම් පෝච්චිය කොහොමට ඇත්ද? (නි)
ඒක ආත්ම ගෞරවය රැකගැනීමට කළ අවංක ක්‍රියාවක්. ඔබටත් එහෙම වුණොත් ඔබ කරන්නෙත් ඒකමයි (නි)