රියදුරන් රහිත මෝටර් රථයක් එංගලන්තයේ ජනතාව අතර ප්‍රථම වතාවට අත්හදා බලයි.අසුන් දෙකක් සහිත මෙම මෝටර් රථය විදුලියෙන් ක්‍රියාත්මක වෙයි.මිල්ටන් නගරයේ දුම්රිය ස්ථානය ආශ්‍රිත මගී මාර්ග වල මෙම අත්හදාබැලීම සිදු කැරිණි.
කැමරා පද්ධතිය සහ සංවේදක භාවිතයෙන් රථය ගැටීමකින් තොරව නිවැරදි මාර්ගයේ ගමන් කරයි.පදික වේදිකාවේ ගමන් කරන මගීන් ට අවශ්‍ය වූ විට රථය නැවැත්වීමට ද හැකියාව ඇත.
මෙම රථය ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය මෘදුකාංග පද්ධතිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණ අංශය විසින් සැකසීය.එම මෘදුකාංගය ‘සෙලනියම්‘ නම් වේ. නගර වල මාර්ග සිතියම් ද එහි අන්තර්ගත කොට ඇත.
මේ සදහා ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරය සතුටුදායක බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කියයි.මෙම අවස්ථාව රියදුරන් රහිත ස්වයංක්‍රීය වාහන භාවිතයේ විශිෂ්ට පියවරක් යැයි හේ පැවසීය.බ්‍රිතාන්‍ය රජයද මේ ව්‍යාපෘතිය සදහා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන අතර 2020 වන විට මෙම මෝටර් රථ ගමනාගමනයට එක් කිරීමට අවශ්‍ය නීති සකස් කිරීමට ද බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.එමෙන්ම ලබන වසරේ සිට මහාමාර්ග වලද අත්හදා බැලීමට අවසර ලබා දීමට රජය කටයුතු කරන බව සදහන් වෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාතලී නැති රියක් එංගලන්තයේ
අරවින්ද Thursday, 13 October 2016 05:58 PM
මෙවැනි රියදුරන් නොමැති වාහන දැන් කලක සිටම ඇමරිකාවේ භාවිතා වෙනවා. (අ)