බර්ලින්හිදීය (රොයිටර්)
යුරෝපා කලාපීය අයවැයක් නිර්මාණය කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද (19) එකඟතාව පළ කළහ.
යුරෝපා කලාපයේ රාජ්‍ය 19ක් අතර ආයෝජන වැඩි කරමින් ආර්ථික සහයෝගීතාව ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ අනුව මෙම තීරණය දැනුම් දීම සඳහා ප්‍රංශ සහ ජර්මානු නායකයන් දෙදෙනා යුරෝපා සංගම් නායකයන්ගේ හමුවක් කැඳවීමට සූදානම් වෙති. එම හමුව ලබන 28 සහ 29 දින පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.
යුරෝපා කලාපය ශක්තිමත් කිරීම යුරෝපා සංගමය තුළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මැක්රෝන් සහ මාකෙල් වැඩි අවධානයක් යොමු කර සිටිති.
ප්‍රංශ ජනාධිපතිවරයා මේ දිනවල ජර්මනියේ සංචාරයක නිරත වී සිටින අතර එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවලදී ඔවුන් දෙදෙනා යුරෝපීය විදෙස්, ආරක්ෂක සහ සංක්‍රමණ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
“අපි නව පරිච්ඡේදයක් ආරම්භ කරනවා” යැයි සාකච්ඡාවලින් පසුව ජර්මානු චාන්සලර් මර්කෙල් පැවැසුවාය.
055
2025 දෙසැම්බර් මස 04
655
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
540
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැක්රෝන් මාකෙල් යුරෝපා කලාපීය අයවැයකට එකඟවෙති