IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බොස්ටන් ප‍්‍රහාරකයන්ට උදව් කළ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් ප‍්‍රහාරයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පවසති.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කසක්ස්තාන ජාතිකයන් තිදෙනකු සහ ඇමෙරිකානුවෙකි. ප‍්‍රහාරයට වගකිව යුතු යැයි ඇමෙරිකානු බුද්ධි අංශ චෝදනා කරන සොකාර් සානේව් ඉගෙනුම ලැබූ සරසවියේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් බව හෙළි වී ඇත.
සානේව් සොයුරන්ට ආරක්ෂාව සැපයීම හා පොලිසියට වැරැදි තොරතුරු ලබාදීම මොවුනට එරෙහිව එල්ලවී ඇති චෝදනාය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සොකාර් සානේව් මේ වන විට බන්ධනාගාර ගතකර සිටින අතර ඔහුගේ සොහොයුරු ටැමර්ලන් සානේව් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.
මේ අතර ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරවූ චෙච්නියානු සොහොයුරන් දෙදෙනාගේ සැබෑ අරමුණ කුමක්දැයි තවමත් අනාවරණය වී නැතැයි ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
බොස්ටන් ප‍්‍රහාරයට ටාමර්ලන් සහ සොහාර් සම්බන්ධ යැයි ආරක්ෂක අංශ ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ රුසියානු මාධ්‍ය ඔස්සේ රුසියාවේ සිටින සුබෙයිදා කියා සිටියේ තම පුතුන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් නොවන බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවල කුමන්ත‍්‍රණයකට ඔවුන් පැටැලූ බවත්ය.



අදහස් (0)

බොස්ටන් ප‍්‍රහාරකයන්ට උදව් කළ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site