හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඞ් මොර්සි වහාම නිදහස් කරන්නැයි යුරෝපා සංගමය ඊයේ (18) ඊජිප්තු නව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කළේය.
යුරෝපා සංගමය එම ඉල්ලීම කළේ, අන්තර්වාර රජය පෙරේදා (17) දිවුරුම් දීමෙන් පසුවය. ඊජිප්තු නව ජනපතිවරයා ලෙස කටයුතු කරන්නේ එරට අගවිනිසුරු අද්ලි මන්සූර්ය. නව අන්තර්වාර රජයේ ඇමැති මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විතය.
හමුදා අත්අඩංගුවට පත් වුණු ජනපති මොර්සි වහාම නිදහස් කරන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසත් යුරෝපා සංගමය ඊජිප්තු රජයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.
හමුදා කුමන්ත‍්‍රණය සිදුවෙද්දී, මොර්සි ඇතුළු රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනකු මෙන්ම මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ කි‍්‍රයාකාරීන් රැසක් ද හමුදා අත්අඩංගුවට පත් වූ බව වාර්තා විය. මේ වනවිට මොර්සි රඳවා තැබෙන්නේ කොහේදැයි කිසිවකු නොදනී.
2010 වසරේ සිදුවුණු අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමත් සමඟ, ඊජිප්තුවේ පවත්වන ලද ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මොර්සිය. ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා වූයේ ද ඔහුය.
මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය.
එම අවස්ථාවේදී විපක්ෂ කණ්ඩායම් නියෝජනය කළ විරෝධතාකරුවන් චෝදනා කළේ බලය බෙදා ගැනීමට මොර්සි සහ ඔහුගේ ‘මුස්ලිම් සහෝදරත්වය’
පක්ෂය අපොහොසත් වී ඇති බවත් දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරන අන්දමේ තීරණ ගන්නා බවත්ය.
විරෝධතා උත්සන්න වෙද්දී හමුදාව ඊට මැදිහත් විය. බලය බෙදා ගැනීමට මොර්සිට පැය 48 ක් ලබා දෙමින් ඔවුන් කීවේ එසේ කිරීමට මොර්සි අපොහොසත් වුවහොත් කුමන්ත‍්‍රණය කර ඔහු බලයෙන් නෙරපන බවය. මොර්සි ඊට විරෝධය පළ කළ අතර හමුදා කුමන්ත‍්‍රණයෙන් ඔහුට බලතල අහිමි විය.
මොර්සි ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නව අන්තර්වාර ජනපතිවරයා ලෙස දිවුරුම් දුන් අද්ලි මන්සූර් ජනතාවට පොරොන්දුවක් දුන්නේ මාස 6 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවටය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොර්සි වහාම නිදහස් කරන්න
සුසන්ත - ඉතාලිය Monday, 22 July 2013 12:38 PM
අර්ෂා.. ඇත්ද අහගත්තා.(නදී)
වීරක්කොඩි Sunday, 21 July 2013 06:34 PM
අර්ෂා අයි දැන් පරාජය බාරගන්නවද? (අ)
ටී රාජපක්ෂ Sunday, 21 July 2013 06:41 PM
අර්ෂා ඔයාට වැඩ නැති උනාට අනික් මිනිස්සුන්ට වැඩ තියෙනවා. වැදගත් නම් කතා කල යුතු නම් කතා කරවී.(අ)
වීර Sunday, 21 July 2013 08:12 PM
ඇතිද දැන් අර්ශට අහගත්තා? ඔය ප්‍රතිචාර තියෙන්නේ ඔයාට ඕනෑතරම්.මිනිසුන්ට ඔයාට වගේ පිස්සු නැහැ.දැන් සතුටුයි නේද? (නි)
අර්ෂා Saturday, 20 July 2013 02:59 PM
කෝ මේ අපේ කට්ටිය තවම මේකට කිසිම ප‍්‍රතිචාරයක් දාල නැහැනේ. (අ)