බ්‍රිතාන්‍ය ජාතිකයන් 83 දෙනකු සහ වෙනත් ජාතිකයින් 27දෙනකු රැගත් ගුවන් යානයක් චීනයේ වුහාන් නගරයෙන් පිටත් වී ඇත.
වුහාන් නගරයේ විදේශ සේවා කාර්යාලයේ අවසරය මත මෙම ගුවන් යානය අද (31) උදයවරුවේ පිටත් වී ඇති අතර ස්පාඤ්ඤය හරහා බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිතව තිබේ.
බ්‍රිතාන්‍යට පැමිණෙන සියලු දෙනා එරට සෞඛ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ දින 14ක නිරෝධායන කාලයක් ගතකරනු ඇත.
කෙසේ වුවද බ්‍රිතාන්‍ය පවසන්නේ කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැලකෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් වුහාන් නගරයෙන් ඉවත් කර ගැනීමට අවසර නොමැති බවයි.
මෙම යානය ඊයේ(30) වුහාන් වෙතින් පැමිණීමට නියමිතව තිබුණු අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 150ක් සහ වෙනත් ජාතිකයන් 50දෙනකු රැගෙන ඒමට සැලසුම් කර තිබිණි.
කෙසේවුවද එයට චීන බලධාරීන්ගේ අවසරය නොලැබීම හේතුවෙන් ගමන අද දිනයට පමා කිරීමට සහ මගීන් සංඛ්‍යාව අඩු කිරීමට සිදුවී ඇත.
මෙසේ කිරිමට හේතු චීනය විසින් සඳහන් කර නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍ය 83 ක් රැගත් ගුවන් යානයක් වුහාන් වලින් පිටත් වෙති