බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති ඩේවිඩ් කැමරන්ගේ කොන්සවර්ටිව් පක්ෂයට තියුණු ජයක් හිමිවිය.
එරට පාර්ලිමේන්තුව ආසන 650 කින් සමන්විතය. බහුතර බලය හිමි කර ගැනීමට ආසන 326 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකර ගත යුතුව තිබිණි.
කැමරන්ගේ කොන්සවේටිව් පක්ෂය ආසන 331 ක් දිනා ගත්තේය. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 50 කි. ඒ අනුව මෙවර කැමරන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව හිමිවිය.
මිලිබෑන්ඩ්ගේ ලේබර් (කම්කරු) පක්ෂය දිනා ගත්තේ ආසන 232 කි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 35 කි. 2010 දී කම්කරු පක්ෂය ආසන 256 ක් හිමිකර ගත්තේය. එම මැතිවරණයේදී කොන්සවේටිව් පක්ෂය හිමි කර ගැනීමට සමත් වූයේ ආසන 302 කි.
මෙවර මැතිවරණයේ දී තෙවැනි බලවේගය වූයේ ස්කොට්ලන්ත ජාතික පක්ෂයයි. එය ආසන 56 ක් දිනා ගත්තේය. ප්‍රතිශතයක් ලෙස එය සියයට නවයකි.
පසුගිය පස් වසරේ බ්‍රිතාන්‍යයේ පැවැතියේ සභාග රජයකි. ඒ 2010 පැවැති මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවීම නිසාය. රජය පිහිටවූයේ කොන්සවර්ටිව් සහ ලිබරල් ඩිමොක්‍රටික් යන පක්ෂ එක් වීමෙනි. කොන්සවර්ටිව් නායක කැමරන්ට අගමැතිකම හිමිවිය. ලිබරල් ඩිමොක්‍රටික් නායක නික් ක්ලෙග්ට උප අගමැතිකම හිමිවිය.
ලන්ඩනයේදීය (රොයිටර්/ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් කොමසාරිස් කීවද දන්නේ නැහැ අවම බලය නෙවෙයි අවශ්‍ය බලය පාවිච්චි කරනවා කියලා,(හේ)
කැමරන් මහත්තයෝ, 2013 ලංකාවට ඇවිල්ල තමුන්නැහේ පෙන්නපු උජාරුව නිසා මම චියර්ස් කියන එක නවත්තල ඕන් එහෙනම් ගත්ත කියල සව් දිය පුරන්නත් පුරුදුවුනානේ. දැන් ඉතින් මගේ ක්‍රමේට සව් දිය පුරලා සුබ පතනවා.(බ)