බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති ඩේවිඩ් කැමරන්ගේ කොන්සවර්ටිව් පක්ෂයට තියුණු ජයක් හිමිවිය.
එරට පාර්ලිමේන්තුව ආසන 650 කින් සමන්විතය. බහුතර බලය හිමි කර ගැනීමට ආසන 326 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකර ගත යුතුව තිබිණි.
කැමරන්ගේ කොන්සවේටිව් පක්ෂය ආසන 331 ක් දිනා ගත්තේය. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 50 කි. ඒ අනුව මෙවර කැමරන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව හිමිවිය.
මිලිබෑන්ඩ්ගේ ලේබර් (කම්කරු) පක්ෂය දිනා ගත්තේ ආසන 232 කි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 35 කි. 2010 දී කම්කරු පක්ෂය ආසන 256 ක් හිමිකර ගත්තේය. එම මැතිවරණයේදී කොන්සවේටිව් පක්ෂය හිමි කර ගැනීමට සමත් වූයේ ආසන 302 කි.
මෙවර මැතිවරණයේ දී තෙවැනි බලවේගය වූයේ ස්කොට්ලන්ත ජාතික පක්ෂයයි. එය ආසන 56 ක් දිනා ගත්තේය. ප්‍රතිශතයක් ලෙස එය සියයට නවයකි.
පසුගිය පස් වසරේ බ්‍රිතාන්‍යයේ පැවැතියේ සභාග රජයකි. ඒ 2010 පැවැති මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවීම නිසාය. රජය පිහිටවූයේ කොන්සවර්ටිව් සහ ලිබරල් ඩිමොක්‍රටික් යන පක්ෂ එක් වීමෙනි. කොන්සවර්ටිව් නායක කැමරන්ට අගමැතිකම හිමිවිය. ලිබරල් ඩිමොක්‍රටික් නායක නික් ක්ලෙග්ට උප අගමැතිකම හිමිවිය.
ලන්ඩනයේදීය (රොයිටර්/ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1135
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් කැමරන්ගේ පක්ෂයට ජය
පිටබැද්දර ජයා Saturday, 09 May 2015 01:50 AM
එහෙත් කොමසාරිස් කීවද දන්නේ නැහැ අවම බලය නෙවෙයි අවශ්‍ය බලය පාවිච්චි කරනවා කියලා,(හේ)
ගමගේ Saturday, 09 May 2015 11:58 AM
කැමරන් මහත්තයෝ, 2013 ලංකාවට ඇවිල්ල තමුන්නැහේ පෙන්නපු උජාරුව නිසා මම චියර්ස් කියන එක නවත්තල ඕන් එහෙනම් ගත්ත කියල සව් දිය පුරන්නත් පුරුදුවුනානේ. දැන් ඉතින් මගේ ක්‍රමේට සව් දිය පුරලා සුබ පතනවා.(බ)