IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය අගමැති පුටුවට තිදෙනෙක් බැල්ම හෙළති

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු යැයි ජනමත විචාරණයෙන් තීන්දු වීමත් සමග ඉල්ලා අස්වූ අගමැති ඩේවිඩ් කැමරන්ගෙන් හිස්වූ අගමැති ධූරය සඳහා තිදෙනකු අතර තරගයක් ඇතිවී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි.

පාලක කොන්සවේටිව් පක්ෂයේ නායකත්වයට හා අගමැති ධූරයට තමන් තරග කරන බව මයිකල් ගෝව් සඳහන් කර ඇති අතර ලන්ඩන් හිටපු නගරාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බොරිස් ජොන්සන් ද ඒ සඳහා ඉදිරිපත්ව ඇතැයි කියති.

මේ අතර ස්වදේශ කටයුතු ලේකම් තේරේසාද ඒ සඳහා ඉදිරිපත්ව සිටී. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු යැයි වන මතය සඳහා පෙනී සිටි බොරිස් ජොන්සන්ට සහාය දැක්වූ මයිකල් ගෝව් දැන් ඔහු සමග අගමැති ධූරයට තරග කිරීමෙන් එකම පාක්ෂිකයන් අතර බෙදීමක් හටගෙන ඇතැයි බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයෝ පවසති. 



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති පුටුවට තිදෙනෙක් බැල්ම හෙළති

උපාලි Saturday, 02 July 2016 07:48 AM

අයියෝ! අපි දෙන්නම්කො කෙනෙක්, ලෝකේ අනික් පැත්ත ගැහුවත් මේ ආත්මෙදි ඔය පුටුවෙන් හොල්ලන්න බැරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 247 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site