ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව සම්පූර්ණ නෛතික උපදේශය ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අගමැතිනි තෙරේසා මේගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට අපහාස කර ඇතැයි අනාවරණය වී ඇත.
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට මෝසමක් ඉදිරිපත් වූ අතර ඊට පක්ෂව ඡන්ද 311ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 293ක් පමණි.
බ්‍රිතාන්‍යය අගමැතිනිය ප්‍රමුඛ ආණ්ඩුව, අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට අපහාස කර ඇති බව අනාවරණය වූයේ එම මෝසමෙනි.
මේ අනුව තෙරේසා මේ ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට නිග්‍රහ කර ඇතැයි අනාවරණය වූ අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ නෛතික උපදේශ කඩිනමින් ප්‍රසිද්ධියට පත් කරන්නැයි ද අදාළ මෝසම මගින් නියෝග කරනු ලැබ තිබේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd