පළමු ලෝක යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සදහා අයිස් වලින් සෑදූ ප්‍රතිමා දහස් ගණනක් ප්‍රදර්ශන කිරීමට මිනිසුන් සිය ගණනක් එක්වී සිටිති. අයිස් ප්‍රතිමා 5000 ක් පමණ එංගලන්තයේ බ්‍රිමින්ග්හැම් චැම්බ්ලේන් චතුරශ්‍රයේදී ප්‍රදර්ශනයට තබා ඒවායේ අයිස් දියවීමට සලස්වා තිබේ.
බ්‍රසීලයේ ප්‍රකට මූර්ති ශිල්පිනියක්වු නිලී ඇසිවේඩෝ සහ තවත් ස්වේච්චා සේවකයෝ 20 ක් පසුගිය සති දෙකක කාලයක් මේ පිළිරූ නිර්මාණය කළහ. නිර්මාණය කළ ප්‍රතිමා විශාල ශීත ගබඩාවල තබා පසුව මහජන ප්‍රදර්ශනයට ගනු ලැබිණි.
නිලී ඇසිවේඩෝ පවසන්නේ යුද්ධයේ දී මියගිය සාමාන්‍ය මිනිසුන් සැමරීම තම අරමුණ බවයි. යුද්ධයේ දී මියගිය සොල්දාදුවන් පමණක් අනුස්මරණය කිරීම මෙහි අරමුණ නොවන බව ද ඇය පවසයි.
ප්‍රදර්ශන සංවිධායක බරිමින්ගම් හිපඩර් පවසා ඇත්තේ මෙම ප්‍රදර්ශනය චමත්කාර ජනක අවස්ථාවක් බවයි. පිළිම දියවෙමින් එහි හැඩය ක්ෂණිකව වෙනස් විම ඒවායේ කලාත්මක බව වැඩි කිරීමට හේතුවක් වී ඇති බව ප්‍රදර්ශකයන්ගේ අදහසයි.
ප්‍රතිමා නිර්මාණය කරණු ලැබුවේ අයිස් වතුර ප්ලාස්ටික් වලින් සෑදු අච්චු වල බහා පසුව හැඩවලට කපා සකස් කර ගැනිමෙනි.
2025 දෙසැම්බර් මස 04
325
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළමු මහ යුද්ධයෙන් මියගිය අය අයිස් වෙති
වංචාවල පැතුම් Monday, 04 August 2014 10:59 AM
අපි නම් හරි නුවනක්කාරයි. (ස)
ෂර්මිලා රහීම් Sunday, 03 August 2014 03:40 PM
මෝඩ මිනිස්සු (නදී)
සමන් Monday, 04 August 2014 11:24 AM
හරි කලාත්මකයි (නදී)