තම පාවහන් නොතෙමි තබා ගැනීමට සාමාන්‍ය වැසියෙකුගේ කරෙන් ගිය චීන රජයේ නිළධරයෙකු සේවයෙන් පහ කිරීමට යයි.
ගංවතුරින් හානියට පත්වූ චීනයේ සෙජෑන්ග් ප්‍රාන්තයේ අවතැන් වූවන් පිළිබද කරුණු සොයාබැලීමට යැවූවෙකු බව චීන මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ තවමත් වතුරින් යටවී ඇති බැවින් හෙතෙම ‘‘වතුර තරණය‘‘ කැර ඇත්තේ සාමාන්‍ය වැසියෙකුගේ කර මතිනි .
කර මතින් යාමට ඔහු ගෙනහැර පා ඇතැයි යැයි කියන හේතුවත් කදිමය.එනම් තම මිල අධික පාවහන් යුගල වතුරෙන් පෙඟී යාම ආරක්ෂා කර ගැනීම සදහාය.
නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරන සෙජෑන්ග් ප්‍රාන්ත රජය පවසන්නේ වැසියන් එම නිළධාරියා කර මතින් රැගෙන ගොස් ඇත්තේ කිසිදු බලපෑමකට යටත්ව නොව සිය කැමැත්තෙන්ම බවයි.
එම නිළධාරියා සේවයෙන් පහ කර දමා ඇත.හේතුව කුමක් වුවද රාජ්‍ය සේවකයෙකු තමන් සේවය කිරීමට බැදී සිටින සාමාන්‍ය වැසියෙකුගේ කර මතින් යාම නොමනා බව චීන රජය තීරණය කරයි.
COMMENTS
ලංකාව මෙම සිද්ධිය උනා නම්? (ස)
දුමින්ද, චීනයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (ස)
ලංකාවේ ඉන්න, රෝගීන්ගේ කරේ යන්න හදන දොස්තරලටත්, හෙදියෝන්ටත්, දෙමව්පියන්ගේ කරේ යන්න හදන ගුරුවරුන්ටත්, ජනතාවගේ කරේ යන රාජ්‍ය සේවකයෝ සහ දේශපාලකයෝන්ටත් තව තවත් කර උඩ නගින්න ඉඩ දෙන ලාංකිකයන්ට හො පණිවිඩයක්. (ස)
දැන් බලාගන්න අනිත් රටවල මානව හිමිකම් සුරකින හැටි. (ස)
අල්ලලා ගස් බඳින්න තියෙන්නේ. (නි)
මෙහනම් ඔක්කම කරපිටින්න නේ යන්න (අ)
ලංකාවෙ නම් අරන්ගිය මනුස්සයව හිරේ දමාවි නිලධාරියාව බලෙන් අරන් ගියා කියල (අ)
ඒකට අපේ රටේ සාමාන්‍ය වැසියෝ, රජයේ නිලධාරීන්ව කරතියාගෙන යන්නේ. කාටද ආඩම්බර? (නි)
ඔහොම යමුකෝ (නි)