පෝලන්තයේ උතුරුදිග කොස්සාලින් නගරයේ ගෘහස්ථ ක්‍රීඩා කාමරයක සිදුවූ ගිනි ගැනීමකින් දැරියන් පස් දෙනකු මිය යෑමෙන් පසු එවැනි ක්‍රීඩාගාර 13ක් වසා දැමීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.
පසුගිය සිකුරාදා සිදුවූ මෙම අනතුරින් පසු ක්‍රීඩාගාරයේ හිමිකරුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙය ලොවපුරා ප්‍රචලිත ක්‍රීඩාවක් වන අතර ක්‍රීඩාව සිදුකරන ස්ථාන එස්කේප් රූම් ලෙස හඳුන්වයි. ක්‍රීඩාවේ නිරතවන්නන් කාමරය තුළට දමා දොර වසන අතර ඔවුන්ට යොමු කරන ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමෙන් පසුව පමණක් පිටතට පැමිණිය හැකිවේ.
ගිනිගැනීම සිදුවූ කාමරය වර්ගමීටර් 7.3ක් පමණ වන කුඩා එකක් වන අතර එහි සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් අනතුර සිදුවනනට ඇතැයි පොලිසිය පවසයි.
අවුරුදු 15 වයසේ පසුවූ දැරියන් උපන්දින උත්සවයක් සැමරීමට පැමිණ ඇත.
පෝලන්තයේ සියලුම එස්කේප් රූම් පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර අනාරක්ෂිත ස්ථාන 100ක් පමණ මූලික පරීක්ෂණ වලදී සොයාගත් බව රජය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පෝලන්තයේ ගෘහස්ථ ක්‍රීඩාගාර 13ක් වසා දැමීමට එරට රජය පියවර ගනී