IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පැරිස් ළමා දූෂකයා 16 වසරක් හිරේ

ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවන් 19 දෙනෙකු ඇතුළු බාල වයස්කරුවන් 66 දෙනෙකු අපයෝජනය කළ ප්‍රංශ ජාතික ටෙරී ඩරන්ටියේ (52) ට එරට ඉහළ අධිකරණය අවුරුදු 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

පැරිසියට නුදුරින් පිහිටි වර්සයිල් අධිකරණය ජූනි 22 වැනි දා ඉහත දඬුවම ප්‍රකාශයට පත් කළ අතර දඬුවම් ලාභී ප්‍රංශ ජාතික ටෙරී ඩරන්ටියේ පැරිසියට නුදුරින් ඉව්ලන් නගරයේ පිහිටි විශ්‍රාමිකයන්ගේ මහලු නිවසක කළමණාකරුවෙකු ලෙස සේවය කොට ඇත. ඔහුගේ අපචාරයට ලක් වූ දරුවන් 66 දෙනා අතර වයස අවුරුදු 6 - 17 ත් අතර ටියුසීනියා ජාතික දරුවෝ 41 දෙනෙක් ද වයස අවුරුදු 12 - 17 අතර ශ්‍රීලාංකික දරුවෝ 19 දෙනෙක් ද ඊජිප්තු දරුවෝ 6 දෙනෙක් ද වෙති.

2004 සුනාමි අනතුරෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ලංකාවට පැමිණ ඇති මොහු එතැන් සිට වසර 10 ක් ඉහත අපචාර ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇතැයි නඩුවේ දී කියැවිණි. 2011 දී ඇමෙරිකා ෆෙඩරල් පරීක්ෂණ කාර්යයාලය (එෆ්.බී.අයි.) විසින් අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු මත මොහු ගැන ප්‍රංශයට දැන්වීමෙන් පසු 2012 දී ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට කැඳවනු ලැබීය. නඩු භාණ්ඩ අතර ඔහුගේ පරිගණක දත්ත ගබඩාවෙන් සොයා ගත් දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ පට අධිකරණයට ඉදිරිපත් කැරිණි.

605192-arrivee-du-vehicule-transportant-palais-de-justice

 le-dauphine une-de-la-justice



අදහස් (0)

පැරිස් ළමා දූෂකයා 16 වසරක් හිරේ

රසිකා Tuesday, 28 June 2016 12:37 PM

ලංකාවේ ඉන්නකොට ලංකාවෙන් හොයා ගන්න බැරි එක ප්‍රංශයෙන් කරලා. ලංකාවේ නීතියෙ හොඳකම (බ)

:       0       0

රොෂේන් Tuesday, 28 June 2016 12:45 PM

ළමයින් 66 දෙනෙකුට අපචාරය කරාට අවුරුදු 16 සිරදඩුවමක් දීලා ඇතිද (හේ)

:       0       0

කාංචන Tuesday, 28 June 2016 04:38 PM

විදේශිකයින් එන්නේ නැහැ කියනවා. ඔන්න ඇවිල්ලා කරන දේවල් (නි)

:       0       0

හේමපාල Friday, 01 July 2016 11:46 AM

පුදුම මානසිකත්වයක් තිබෙන මිනිස්සු (නි)

:       0       0

කුමාර Friday, 01 July 2016 11:53 AM

මෙහෙමත් තිරිසන් මිනිස්සු! (නි)

:       0       0

අසංක ජර්මනි Tuesday, 28 June 2016 05:37 PM

පැරීසියේ සුනිල්ගේ හොඳ හෙළිකිරීමක්. ලංකාවෙ නම් එහෙම වෙයිද? සුනිල්ට ස්තුතියි! (නි)

:       0       0

වරුණ Tuesday, 28 June 2016 09:57 AM

අන්න නීතිය ක්‍රියාත්මක වෙන හැටි... (ර)

:       0       0

අසෝකා Wednesday, 29 June 2016 03:50 PM

මේ මිනිහව ලංකාවේදී ඇල්ලුවා නම් අල්ලපු පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරාවි. ඔන්න ලංකාවේ හැටි. හම සුදු නම් ඕනෑ ජරා වැඩක් කළාට කමක් නැහැ. (නි)

:       0       0

රුවන් Tuesday, 28 June 2016 11:50 AM

ඕවා මොනාද බාල අපරාධ සියක් කළ එකෙක් පාටිත් දෑම්මේ අපේ සිරි ලංකාවේ ඔය යහතින් ඉන්නේ අපුරුවට (බ)

:       0       0

පියරේ Wednesday, 29 June 2016 09:30 PM

කාන්තාවන් 100ක් දූෂණය කළ අයව බේරගන්න පෙළපාලිත් ගියේ අපේ රටේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site