පරිසරයට අහිතකර වන සංයෝග ඇසුරින් නිපදවා ඇති කෘමිනාශක නිශ්පාදන භාවිතය තහනම් කරමින් රජය ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ග්ලයිපොසේට්, ප්‍රොපනයිල්, කාබයිල් ක්ලෝරොෆිරිෆොස් හා කාබොෆියුරාන් යන සංයෝග ආශ්‍රයෙන් නිපදවා ඇති කෘමිනාශක වර්ග භාවිතා කිරීම මේ අනුව තහනම්ය.
අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මේ තහනම දැඩිව ක්‍රියාවට නැංවෙනු ඇති බව සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීරිස් විතර මෝඩයෝ ඉන්නවා ඇති කියලා මම නම් හිතුවේ නැහැ (නි)
''අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මේ තහනම දැඩිව ක්‍රියාවට නැංවෙනු ඇති බව සදහන්ය.'' අනෙක් පැති වල ?? (බ)
මේක දවස් කීයකට නවතීද කියන්න බැහැ ජනාධිපති බලයට පත්වෙනකන් පමණි. ඉන්පස්සේ බලයට එන කෙනා කොච්චර මිනිස්සු ලෙඩ වුනත් පගාවට වැඩ කරයි. (බ)
ඕවා තහනම් කලත් වෙන නම් වලින් ගෙන්නාවී. (ර)
වකුගඩු රෝගය මඟහැරීමට මහජනයාට පයිප්ප මාර්ගයෙන් පිරිසුදු ජලය සැපයිය යුතුය. පොහොර සහ වල්පැළෑටි නාශකයන් තහනම් කිරීමෙන් ලෙඩෙන් පෙළෙන ගොවියාගේ අස්වැන්නටද පහරක් වැදෙනවා මිස එයින් ඔහුට කිසි සෙතක් නොලැබේ. (නි)
පොදු අපේක්ෂකගේ පොරොන්දු ටික ආණ්ඩුවෙන් ඉටු කරයි වගේ. (ර)