ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික සහ සුබ සාධක පදනම මඟින් පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැරිස් නුවර වාර්ෂිකව පැවැත්වෙන ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය මෙවරද බුවා ද වැන්සන්හි පිහිටි විහාරස්ථාන භූමියේදී ඉතා අලංකාරවත් අන්දමින් සිදු කෙරුණි.
ප්‍රංශ ජාතිකයින්ට හා එහි වෙසෙනන අනෙකුත් ජාතින්ට ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙන්ම ශ්‍රී ලංකාවේ අත්කම්, ආහාර පාන වැනි බොහෝ දේ පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් පිළිබඳවත් පැමිණ සිටි පිරිස් දැනුම්වත් කිරීමත් උත්සවය පැවති දින දෙක ඇතුළත කටයුතු කරනු ලැබිය. මෙහිදී ශ්‍රී ලංකාවේ විවිධ අංශ විදහා දැක්වුණු වාර්තා චිත්‍රපටද ප්‍රදර්ශනය කෙරුණි.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා ඇතුළු ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
පැරිස් නුවර තිසරාවි කලායතනය සහ සරසවි රංග නිකේතනය මඟින් අපගේ ජාතික නැටුම් අංග ඉදිරිපත් කරනු ලැබිය. කපිල මහමුහන්දිරම් සහ සුජිත් කරුණානායක ඉදිරිපත් කළ දේශීය සංගීත අංග කාගේත් සිත් ගත්තේය. ප්‍රංශයේ ජිවත්වන පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන් ශ්‍රී ලාංකික ආහාර පාන ඇතුළත් ආපනශාලා කිහිපයක්ම පවත්වාගෙන යමින් මෙම අවස්තාව සාර්ථක කරගැනීමට උපරිම සහයෝගත්වයක් ලබාදුනි. ප්‍රංශ ජාතික ක්‍රිස්ටීන් සහ හිතවතුන් පිරිසක් ශ්‍රී ලංකාවේ අත්කම් ප්‍රදර්ශනයක් සහ වෙළඳ සැලක් ද සංවිධානය කර තිබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපූරුයි. මාගේ සුබ පැතුම්! (නි)