යහපාලන ජාතික රජයේ ප‍්‍රථම අයවැය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. වෙනදා මෙන් විවිධ දේ ලබා දුන්නේය. ඒ සමගම විවිධ දෑ අවලංගු කළේය. අවලංගු සමහරක් නැවත ලබා දුන්නේය. වෙනත් බොහෝ දෑ වෙනස් විය.
ඉහත කරුණු වලින් පරිපූර්ණ අයවැය පාර්ලිමේන්තුවේ විවාදයටද භාජනය වුයේය. ගුණ අගුණ ඇත්තේය. විවේචන වලින්ද අඩුවක් නොමැත. එය ඕනෑම අයවැයකට හිමි සුවිශේෂි ලක්ෂණයකි. කෙසේ නමුදු ලංකා පාර්ලිමේන්තු අයවැය ඉතිහාසයේ විවේචන නොතිබුණු අයවැයක් සොයා ගැනීම කළුනික මෙනි. ඒ තරමටම විවේචන තිබුණි. එය සාමාන්‍ය දෙයකි. එසේ විය යුතුය. සාධාරණ විවේචන මගින් අයවැයේ අඩුපාඩු අවම කර ගැනීමට හැකිනම් එයද රටට මෙන්ම වැසියාටද යහපතකි. එබැවින් විවේචන ගැන එතරම් කලබල වියයුතු නැත.
කෙසේ නමුදු මෙවර අයවැය වාර්තාවේ සුවිශේෂී වැය ශීර්ෂයන් කිහිපයක් විශේෂ අවධානයට ලක් වූයේය. එයින් ජනාධිපති සඳහා වෙන්වූ වාර්ෂික අයවැය වාර්තාව ප‍්‍රධාන වේ. හිටපු හා වර්තමාන ජනාධිපතිගේ වියදම් වාර්තා වලට අදාළ ඉලක්කම් වල විශාල පරතරයක් දක්නට ලැබිණි. පසුගිය පාලනයට සාපේක්ෂව වර්තමාන ජනාධිපති රුපියල් මිලියන 1476ක් මුදලක් භාණ්ඩාගාරයට ඉතුරු කරදී ඇත්තේය. එය යහපත් ලක්ෂණයකි. සත්‍ය තත්වය නම් අපේ රට දුප්පත්ය. දුෂණය, නාස්තිය, ගසා කෑම, හොරා කෑම නතර කිරීම කෙසේ වෙතත් අවම කිරීමට හෝ හැකි නම් එයද යහපත් ලක්ෂණයකි. එය පාලකයාගේ සිට ගොවියා දක්වා ක‍්‍රියාත්මක වීමද විය යුත්තකි. එබැවින් මෙවර ජනාධිපති වැය ශීර්ෂයට අනුව මුදලක් ඉතුරු කිරීම විශේෂවේ.
මෙවැනිම අවස්ථාවක් ප‍්‍රංශයේද 2012 පසු බලයට පැමිණි වර්තමාන සමාජවාදි ආණ්ඩුවද සිදු කළේය. නිතරම කියැවෙන පරිදි ප‍්‍රංශයේ අයවැය පරතරය යුරෝ මිලියාඩ් ඉලක්කම් වලින් දැක්වේ. එබැවින් එය අවම කර ගැනීම සඳහා විවිධ උපක‍්‍රම හදුන්වා දෙමින් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රංශ රජය පියවර ගනිමින් සිටී. මේ අනුව පසුගිය 2012 ජනාධිපතිවරනයේදි වර්තමාන ජනාධිපති විසින් ජනාධිපති වියදම් කපා හරින බවට පොරොන්දුවක් දුන්නේය. ඔහුට පෙර සිටි නිකොලා සාර්කෝසි ජනාධිපති සමයේ එම මන්දිරයේ සිදුවූ සමහරක් විසිතුරු වැඩ හා ඔහුගේ ක‍්‍රියා කලාපයේ අඩුපාඩු එකල විශේෂ මාතෘකාවක් වූයෙන් ඉහත පොරොන්දුව වර්තමාන ජනාධිපතිගේ ඡන්ද පොරොන්දුවක් බවට පත් විය.
ඔහු ජනාධිපති වීමෙන් පසු පලමු වසරේම එම පොරොන්දුව ඉෂ්ඨ කළේය. සාර්කෝසි ජනාධිපති සමයේ යුරෝපයේ බොහෝ රාජකාරි ගමන් සඳහා ගුවන් ගමන් සිදු කළේය. සමහර අවස්ථාවලදී පුද්ගලික ජෙට් යානා පවා භාවිතා කළ අවස්ථා තිබිණි. එකල ඒවා විවේචනයටද හසු විය. ඉහත කරුණු හේතුවෙන් එකල ජනාධිපති වැය ශීර්ෂය ඉහළ ගොස් තිබිණි. නව ජනාධිපති විසින් එම සියලූම වියදම් කපා හරිමින් බොහොමයක් ගුවන් ගමන් වෙනුවට දුම්රිය භාවිතා කළේය. යුරෝපා හවුලේ හමුවීම් සඳහා බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවරට නිතරම මෙන් යෑමට ප‍්‍රංශ ජනාධිපතිට සිදුවේ. වර්තමාන ජනාධිපති තුමා මෙම ගමනාන්තය සඳහා දුම්රිය භාවිතා කිරීම අද සුලභ දර්ශනයකි. ජනාධිපති මන්දිරයේ සේවක සංඛාව 4/1 කින් අඩු කළේය. ජනාධිපති මන්දිරයේ සියලූම පිළිගැනීම්, සම්භාෂණ, භෝජන සංග‍්‍රහා, උත්සව සරල මට්ටමට රැගෙන ආවේය. ජනාධිපති නිල වාහන සංඛයාව අඩු කර නිල වාහන සඳහා ඉන්ධන භාවිතයෙන් තොර විදුලියෙන් ක‍්‍රියාකාරී වාහන භාවිතයට යෙදවීය. බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්, රෝල් රොයිස්, ප‍්‍රාඩෝ වැනි අති සුඛෝපබෝගි වාහන ප‍්‍රංශ ජනාධිපති භාවිතා නොකරයි. ජනාධිපති පමණක් නොව මැති ඇමැතිවරු පවා එවැනි වාහන පාවිච්චි නොකරයි. දියුණු වෙමින් පවතින අපේ රටේ මෙන් මැති ඇමතිවරුන්ට ,ගුරුවරු, දොස්තරලාට හා වෙනත් රජයේ නිලධාරීන්ට ලබාදී ඇති තීරුබදු රහිත වාහන බලපත් වරප‍්‍රසාද ක‍්‍රමයක් ප‍්‍රංශයේ නොමැත. එහෙයින් ප‍්‍රංශයේ නිශ්පාදිත රජයේ වාහන භාවිතයට ගනී. කාලය අවසන්වූ විට එම වාහන නැවතත් භාරදීම අනිවාර්යවේ.
ඒ වගේම ජනාධිපති ආරක්ෂක සේවාවේ නිලධාරී සංඛ්‍යාවද අඩු කළේය. දුරකථන, විදුලිය, වතුර පාවිච්චිය දැඩි අර පරෙස්සමෙන් සිදු කළේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රථම වසරේ ජනාධිපති වියදම් විශාල ප‍්‍රමාණයකින් අඩු කොට යුරෝ ලක්ෂ ගණනින් ඉතුරු කර දීමට ඔහුට හැකි වූයේය. ඉන්පසු ඉහත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් වර්තමානය වනවිට ආමාත්‍යාංශ වල සිට නගර සභා දක්වා ජාතික ධනය ඉතුරු කිරීමට සියලූ දෙනාම යුහුසුළුවූ බැවින් මේවන විට බොහෝ අනවශ්‍ය වියදම් කපා හැර ඇත්තේය. ප‍්‍රංශයේ විශාල විදේශිකයෝ ප‍්‍රමාණයක් සේවය කරති. එම නිසාම බොහෝ වංචාවන් සිදුවේ. බදු වංචා, ජීවන දීමනා වංචා කිරීම, සෞඛය දීමනා, ආදි ලෙස රජයට අති විශාල මුදලක් අහිමිවී ඇති බව රජය විසින් පැවසීය. නවීන තාක්ෂණය භාවිතා කරමින් එම හොර මැර කම් ඇල්ලීමටත්, නැවත එසේ නොවීමටත් කටයුතු කරමින් සිටී. මේ අයුරින් ප‍්‍රංශ රටේ ජාතික ධනය පෝෂණය කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තේය.
මෙම කරුණු ගැන ඒ දිනවල මහා ඉහළින් මාධ්‍ය තුළ විශාල ඝෝෂාවක් තිබුනි. එබැවින් හරි වැරදි කියන්නෝ අඩුවක් නොවීය. පත්තර පිටු ගනනින් විවේචන, අගැයීම, වාද විවාද, අදහස් ආදි වලින් පිරී ඉතිරී තිබුනේය.ඒ කිසිම දෙයකට ජනපති ප‍්‍රකාශ නිකුත් කිරීමටද නොගියේය. ඊට අමතරව ඔහුගේ වාර්ෂික පදවි ප‍්‍රාප්තයන් උදෙසා නැටුම්, ගැයුම්, වැයුම් බෙර, තම්මැට්ටම්, හොරණෑ වලින් අලංකාර උත්සව ප‍්‍රසංඟ පැවැත් වුයේද නැත. එය ප‍්‍රංශ සම්ප‍්‍රධායක් නොවේ. එවැනි දේ සඳහා මුදල් වැය කිරීම නාස්තියක් ලෙස ඔවුන් සලකයි.එබැවින් මෙම රටවල් දියුනු රටවල් ලෙසත් දකුනු ආසියාවේ අපේ රටවල් දියුනු වෙමින් පවතින රටවල් ලෙසත් හැදින්වීමට හුරු පුරුදුවී සිටී. කෙසේ නමුදු 70 දශකයේ සිට ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් ලෙස හැදින්වීමට සෑම දෙනෙක්ම පුරුදුවී සිටියත්, වසර 46ක් ගෙවී ගොස් ඇතත්, අදටත් දියුණු වෙමින් පවතින රටක් ලෙස හැදින් වීමට සිදුවී තිබේ. ඒ මන්ද? ප‍්‍රශ්නාර්ථයකි. දියුණු රටවල ඉහත කි‍්‍රයා කලාපයන් දියුණු වෙමින් පවතින රට වලට ආදර්ශයකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රංශෙන් ලංකාවට පාඩමක්
නන්දලාල් - ප්‍රංශය Tuesday, 12 January 2016 09:26 PM
ශ්‍රී ලංකාව, ප්‍රංශ ක්‍රමය අනුව වියදම් කපාහැර දියුණු කිරීමට පුළුවන් රටක් නොවන බව අපේ රට කරවන හා කරවූ අය පැහැදිලිවම පෙන්වාදී තිබෙනවා. ප්‍රංශයේ දැනට ජීවත්වන "හිටපු ජනාධිපතිවරුන්ට" දී තිබෙන පහසුකම් හා ආරක්ෂාව ශ්‍රී ලංකාවේ "හිටපු ජනාධිපතිවරුන්ගේ " පහසුකම් හා ආරක්ෂාව සමඟ කිසිසේත් සසඳා බැලීමට බැරිතරම් දුරස්ත බව නොකියාම බැරිය.ශ්‍රී ලංකාවේ වගේ නොවෙයි, ප්‍රංශයේ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉතාම සුළුයි. ශ්‍රී ලංකාවේ නිවාඩු දින කීයක් තිබේද? ප්‍රංශයේ නිවාඩු දින ගණන දෑතේ ඇඟිලි ගණනටත් වඩා අඩුයි. එහෙත් කවුරුවත් පාරට බැස උද්ඝෝෂණ කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වැරදිලාවත් නිවාඩු දින ගණන අඩුකිරීමට රජය තීරණය කළොත්? මේ කරුණ ගැන ප්‍රංශයෙන් ලංකාවට පාඩමක් ගන්න පුලුවන්ද? (නි)
රෝහිත Tuesday, 12 January 2016 10:36 PM
අපේ රටේ ඉහළ සිට පහළටම හොරකම් කරනවා. ඒකයි අදටත් දියුණුවෙමින් පවතින රටක් ලෙස හැඳින්වීමට සිදුවෙලා තියෙන්නේ. (නි)
ඉන්දික Tuesday, 12 January 2016 02:27 PM
මෙම ලිපියේ දක්වා ඇති පවතින වියදම් කපා හරිම වැනි ක්‍රම මගින් අප වැනි රටකට භෞතික දියුණුවක් ප්‍රයෝගිකව ලැබීම මිරිගුවක් වෙනු ඇත. අන්ත දුප්පතුන් වෙසෙන අප වැනි රටකට අවශ්‍ය ජනතාව ධනාත්මකව දිරිගැන්විය හැකි ක්‍රමය. තමන්ගේ මහන්සියේ ප්‍රතිපල කවදා හෝ දකින්නට කැමති ක්‍රමයකට හා එය තමන්ට ආයෝජනයක් වන ක්‍රමයකට මිස තමන්ට තියනදෙත් නැති වෙන දේකට ආයෝජනය කිරීමට ප්‍රයෝගිකව කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැත. ඒවා බලය ලබාගැනීමට කරන රැවටීමක් පමණක් වෙනු ඇත. (ර)
රාජා බස්නායක ග්‍රීසිය Tuesday, 12 January 2016 05:27 PM
පළමුවෙන්ම අපේ මිනිස්සු ජීවිතය ගැන හිතන විදිය වෙනස් කළයුතුයි. අන්න එදාට අපිත් දියුණු ජාතියක් කියලා කියයි. ඒත් ඉතින් කොච්චරකල් බලා ඉන්නද? (නි)