විදේශවල පිළිගැනීමකට ලක් වන ආකාරයේ, උසස් ප්‍රමිතියකින් යුත්, අවශ්‍ය සියලු දත්ත ඇතුළත් කර නව එන්නත් සහතික පත්‍රයක් නිකුත් කිරීමට ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඉන්දීය රජයේ 'කොවින්' යෙදුම APP හරහා මෙම එන්නත් සහතික පත්‍රය නිකුත් කෙරේ.
ඒ අනුව, ඉන්දියාවේ 'කොවිෂීල්ඩ්' හෝ 'කොවැක්සින්' ආදී 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඉන්දියානුවන් ඕනෑම අයකුට ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවලට කිසිදු බාධාවකින් තොරව යා හැකි වනු ඇති බව ද ඉන්දීය සෞඛ්‍ය අධිකාරියේ වෛද්‍ය ආර්.එස්. ෂර්මා පැහැදිලි කර තිබේ.
පසුගිය කාලයේ ඉන්දියාවේ 'කොවිෂීල්ඩ්' එන්නත ලබා ගෙන මහා බ්‍රිතාන්‍යයට පැමිණි ඉන්දියානුවන් 'එන්නත් ලබා නොගත් අය' ලෙස සලකා ඔවුන් දින 10ක් නිරෝධායනයට යොමු කෙරුණි.
බ්‍රිතාන්‍ය රජය එසේ කළේ 'කොවිෂීල්ඩ්' එන්නත සම්බන්ධයෙන් ඉන්දීය රජය නිකුත් කළ 'එන්නත් සහතිකය' නියමිත ප්‍රමිතියකට නොතිබුණු නිසා බව පසුව අනාවරණය විය.
කෙසේ නමුත් මේ වනවිට බ්‍රිතාන්‍යය 'කොවිෂීල්ඩ්' වෙනුවෙන් පැනැවූ තහංචි ඉවත් කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ප්‍රමිතියෙන් යුත් එන්නත් සහතිකයක්