පරිගණක හැකර්වරුන්ට පමණක් සහභාගී විය හැකි තරගාවලියක් මේ දිනවල බි‍්‍රතාන්‍යයේ කි‍්‍රයාත්මකය.
මින් සිදුකෙරෙන්නේ පරිගණක හැකර්වරුන්ට තම හැකියාවන් ප‍්‍රසිද්ධියේම පෙන්වා සිටීමට අවස්ථාව ලබා දීමයි.
‘‘එසයිග්න්මන්ට් ෆ්ලැග්‘‘ ලෙස හැදින්වෙන මෙම තරගාවලිය සංවිධානය කර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් නගරයේ පිහිටා ඇති ආරක්ෂක සේවා සපයන ආයතනයක් වන සෝපෝස්ය.
‘‘ෆ්ලැග්‘‘ යනු සෝපෝස් ආයතනය නිර්මානය කර ඇති මනංකල්පිත ත‍්‍රස්ත සංවිධානයකි.එම සංවිධානයේ රහස් අනාවරණය කරගැනීම හැකර්වරුන් ඉදිරියේ ඇති අභියෝගයයි.
තරගාවලියේ පළමු අදියර පසුගියදා නිමාව දුටු අතර එහිදී හැකර්වරුන්ට විද්‍යුත් ලිපියක් ලබාදී තිබුණි.
එම විද්‍යුත් ලිපිය එවා ඇත්තේ කවුරුන්ද,කොහේ සිටද ආදී කරුණු සොයාගැනීමට ඔවුනට සිදුවිය.
නිවැරදි ස්ථානය සොයාගත් හැකර්වරුනු ලබා දුන් තොරතුරු වලට අනුව අදාළ ස්ථානය වෙත ගිය සොපෝස් නිළධාරීන්ට එහි තිබී පරිගණක දෘඩ තැටියක් හමුව ඇත.එය පරිගණකයට සවිකර බැලූවද එයට ආරක්ෂක විධිවිධානයන් සකසා දී තිබී ඇති හෙයින් ඉන් ඵලක් වී නොමැත.
ඊළග අභියෝගය වන්නේ මේ දෘඩ තැටියේ ඇති ආරක්ෂක විධිවිධානයන් බිඳ හෙළා එයට ඇතුල්වී එහි දත්ත ලබා ගැනීමය.
මේ ආකාරයට විවිධ අභියෝග ගණනාවක් අවසානයේ ත‍්‍රස්ත සංවිධානයෙ පිළිඹද වැඩිම තොරතුරු ප‍්‍රමාණයක් අනාවරණය කරගන්නා හැකර්වරයා ජයග‍්‍රාහහකයා ලෙස නම් කෙරෙනු ඇත.
සෝපෝස් ආයතනය පවසන ආකාරයට මෙම තරගාවලියේ අරමුණ වන්නේ බි‍්‍රතාන්‍යයේ අනාගත පරිගණක වෘත්තිකයින්ගේ පරම්පරාවේ හැකියාවන් හදුනාගැනීමයි.
දැනටමත් ආධුනික මෙන්ම වෘත්තීමය හැකර්වරු 1000 කට ආසන්න සංඛ්‍යාවක් තරගාවලිය සදහා ලියාපදිංචිව සිටිති.
COMMENTS
මේක නම් ඇත්ත යාලුවනේ (නි)
ඇත්තටම ඕක ලෝකේ පිළිගත්ත රැකියාවක් එයාලට කියන්නේ ඉතිකල් හැකර්ස්ල කියල . එකටම වෙන්වුණු වෙනම උපාදි පවා තියෙනවා. අයි.එච් කියන්නේ ඒ වගේ හොඳ ඩිග්‍රී එකක්. සිස්කෝ ගැන දන්නා අය මේ ගැන දන්නවා ඇති කියල හිතනවා. ඉතින් ප්රෝෆිසනල් හැකර් ලට ගොඩාක් හොඳ වැටුපක් සමග රැකියාවක් දෙන්න ගොඩාක් ආයතන බලාගෙන ඉන්නවා . එකෙන් එයාල බලාපොරොත්තු වෙන්නේ කාගෙවත් දේවල් හැක් කරන්න නෙවෙයි . තමන්ගේ පරිගණක ජාලයට පිටතින් එන උවදුරු නැතිකරගන්නයි . මොකද පරිගණක ජාලයක තියෙන අඩුපාඩු හොඳටම දන්නෙත් ඒවා නවතන්න පුළුවන් වෙන්නෙත් ඔය කියන හැකර් කෙනෙක්ටම විතරයි. (දී)
ඒ කියන්නේ වැඩිපුරම කොම්පුටර් ත්‍රස්තවාදීන් ඉන්නේ බි‍්‍රතාන්‍යයේ. සුද්දත් නරක වැඩෙන් තමයි සල්ලි හොයන්නේ ජිවත් වෙන්න . (දී)
යුකේ යනු ලෝකේ සිටින පළමු පෙලේ ලෝක හොරා.(අ)
ලෝකයේ හොඳම පරිගණක හැකර්වරු ඉන්නේ ඊශ්‍රායලයේ, රුසියාවේ සහ චීනයේ. මොවුන් නිසා වන හානියත් අපමණයි. එහෙත් සමහර රටවල් මොවුන්ගේ සේවය ලබාගන්නේ , එම රටවල පුරවැසිබාවයත් ලබාදී , උපරිම වැටුපකුත් සමඟයි. පරිගණක කන්නන් ඉමහත් සේවයක් මෙන්ම ඉමහත් පරිහානියක්ද කරති (නි)
ඔන්න බලන්න පළවෙනිය උන කෙනාට පවුම් ලක්ෂ ගානක් එක්ක ජොබ් එක ෂුවර් , (දී)